ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රීලනිප 16 දෙනාගෙන් බහුතරයකට නැවත පාර්ලිමේන්තුවට ඒමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව ජාතික ඒකාබද්ධතා, සංහිඳියා සහ රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් සඳහන් කරයි.
කොළඹ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.
ශ්‍රීලනිප 16 දෙනා ආණ්ඩුවෙන් ඉවත්වීම ගැන කනාගාටු වන බවත් ඔවුන්ට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලුම දොරවල් වැසී ඇති බැවින් ඔවුන්ට යන එන මං නොමැතිවී ඇති බවද එහිදී අමාත්‍යවරයා පෙන්වාදී ඇත.
මහින්දගේ අනාවැකිය
මේ අතර පසුගියදා මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කර සිටියේ ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රීලනිප 16 දෙනා පක්ෂයෙන්ද ඉවත්වන තත්ත්වයක් දක්නට ඇති බවත් එය තමන් කළින්ම කියූ අනාවැකියක් වන බවත්ය.
එසේම ඔවුන් තවත් මාස කිහිපයකින් නැතිවී යනු ඇති බවත් කවුරු පක්ෂය හැර ගියද තමන් පක්ෂය හැර නොයන බවද අමාත්‍යවරයා සඳහන් කර ඇත.

