මඩකළපුව ශික්ෂණ රෝහලේ පිළිකා රෝගීන්ට ප්‍රතිකාර සිදුකරන ලීනියර් ඇක්සලරේටර් ප්‍රතිකාරක යන්ත්‍රය අක්‍රිය වීම හේතුවෙන් මාර්තු 31 වෙනිදා සිට විකිරණ ප්‍රතිකාර සේවා සම්පූර්ණයෙන් නවතාදමා ඇත.
ඒ වන විට දිනකට රෝගීන් 60 ට ආසන්න ප්‍රමාණයක ප්‍රතිකාර දෛනිකව සිදු කරමින් පැවතිණ. යන්ත්‍රය අක්‍රිය වීම හේතුවෙන් එම සියලු රෝගීන්ගේ ප්‍රතිකාර සේවා අතරමග නවතා දැමීමට සිදුවී ඇති බව වාර්තා වේ.
මඩකළපුව ශික්ෂණ රෝහලේ මෙම යන්ත්‍රය මගින් මඩකළපුව රෝහලේ පිළිකා රෝගීන්ට අමතරව මාතර, හම්බන්තොට, බදුල්ල, අම්පාර, ත්‍රිකුණාමලය, පොළොන්නරුව, අනුරාධපුර යන රෝහල් මගින් යොමු කරන රෝගීන් ගේ ප්‍රතිකාර සේවා ලබාදීම ද සිදුකෙරිණි. මේ හේතුවෙන් දුර බැහැර සිට පැමිණෙන රෝගීන් දැඩි අපහසුතාවයකට ලක්ව සිටී.
ලීනියර් ඇක්සලරේටර් විකිරණ ප්‍රතිකාරය දැනට ලංකාව තුළ භාවිත වන පිළිකා ප්‍රතිකාර සේවාවලින් දියුණුතම එකක් වන අතර මෙම යන්ත්‍රයට අමතරව තවත් යන්ත්‍ර 8ක් අපේක්‍ෂා රෝහල, මහනුවර ජාතික රෝහල, ගාල්ල ජාතික රෝහල සහ යාපනය ශික්ෂණ රෝහල යන රෝහලෙහි ස්ථාපනය කර පවතී.
මෙම යන්ත්‍රයේ සම්බන්ධයෙන් සේවා සපයන සමාගම සේවා සැපයීමෙන් ඉවත්වීම හේතුවෙන් යන්ත්‍රය යථා තත්ත්වයට පත්කිරීම ඇනහිට ඇත. මේ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශය ඇතුළු සියලු වගකිව යුතු පාර්ශව දැනුත් කර ඇතත් මේ වනතුරු ප්‍රතිකාර සේවා යථාතත්වයට පත්කර නොමැත.
චානක ධර්මවික්‍රම - සභාපති, රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
