Image

වෘත්තීය ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවනවා - GMOA (වීඩියෝ)

වෘත්තීය ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවනවා - GMOA (වීඩියෝ)

එළඹෙන බ්‍රහස්පතින්දා සෞඛ්‍ය අමාත්‍යවරයා සමග සාකච්ඡාවක් පැවැත්වීමට බලාපොරොත්තු වන බවත්, එය පදනම් කරගනිමින් තම සංගමය මෙතෙක් පවත්වාගෙන ගිය වෘත්තීය ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවිමට තීරණය කළ බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය අජන්ත රාජකරුණා පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ (07) කැඳවා තිබූ මාධ්‍ය හමුවේ දී ය.

වෛද්‍ය ස්ථාන මාරු දේශපාලනීකරණයට ඉඩ නොදෙන බවත්, සාකච්ඡා සහ විසඳුම් කඩාකප්පල් කිරීමේ කණ්ඩායම් සෞඛ්‍ය අමාත්‍යංශය තුළ සිටින බවත්, එසේ සිදුවුව හොත් ඉදිරියේ දී රෝහල් පද්ධතියේ සිදුවන ගැටලුකාරි තත්ත්ව සඳහා එම කණ්ඩායම් වගකිව යුතු බවත්  මෙම සාකච්ඡාවට සහභාගි වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස පැවසී ය.

මතු පළ වන්නේ ඔවුන් පළ කළ අදහස් අන්තර්ගත සම්පූර්ණ වීඩියෝපට ය.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න