ජනාධිපති අනුර කුමාර දිසානායක, අද (08) ජනාධිපති කාර්යාලයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් පත්ව සිටින අරාබි තානාපතිවරුන් ගේ කවුන්සිලය සමඟ හමුවකට එක්විය.
මැදපෙරදිග කලාපයේ කඩිනමින් සාමය ස්ථාපිත වීම ශ්‍රී ලංකාවේ අපේක්ෂාව බවත්, එම රටවල සාමය, ආරක්ෂාව සහ ස්ථාවරත්වය වෙනුවෙන් තනි රටක් ලෙස සහ සාමුහිකවත්, ජාත්‍යන්තර නීතියට අනුකූලව ශ්‍රී ලංකාවට ලබා දිය හැකි උපරිම සහාය ලබා දෙන බවත් මෙහි දී ජනාධිපතිවරයා සඳහන් කළේ ය.
එමෙන්ම, යුදමය තත්ත්වයත් සමග මැදපෙරදිග කලාපයේ රටවල් මුහුණ දී ඇති අභියෝග සහ විශේෂයෙන් එම රටවල සාමයට, ආරක්ෂාවට සහ ස්ථාවරත්වයට එල්ල වී ඇති තර්ජන පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරුණු අතර යුද්ධයට සම්බන්ධ වී නොමැති මැදපෙරදිග කලාපීය රටවලට එල්ල වන ප්‍රහාර කිසිසේත් අනුමත නොකරන බව මෙහි දී ප්‍රකාශ කළ ජනාධිපතිවරයා, ඒ පිළිබඳව සිය කනගාටුව පළ කළේ ය.
මැදපෙරදිග කලාපීය රටවල් ශ්‍රී ලංකාවට ලබා දෙන සහාය වෙනුවෙන් ස්තූතිය පළ කරමින්, විශේෂයෙන් බලශක්ති අවශ්‍යතාව සපුරා ගැනීමට මෙන්ම, විදේශ රැකියා සහ සංචාරක කර්මාන්තයට අදාළව ලබා දෙන දායකත්වයද ඇගයීමට ලක් කළ ජනාධිපතිවරයා, පවතින යුදමය තත්ත්වය හමුවේ මැදපෙරදිග කලාපයේ රටවල සේවය කරන ශ්‍රී ලාංකිකයින් ගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගැනීම පිළිබඳව ද සිය ස්තූතිය පළ කළේ ය.
ජනාධිපති මාධ්‍ය අංශය

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
