ගාල්ල ජාතික රෝහලේ පිළිකා රෝගීන්ට ප්‍රතිකාර සිදුකරන ලීනියර් ඇක්සලරේටර් ප්‍රතිකාරක යන්ත්‍රය බිදවැටීම හේතුවෙන් අප්‍රේල් 08 වෙනිදා සිට ලීනියර් ඇක්සලරේටර් විකිරණ ප්‍රතිකාර සේවාව සම්පූර්යෙන් නවතාදමා ඇත.
මේ වන විට දිනකට රෝගීන් 75 ට වැඩි ප්‍රමාණයක ප්‍රතිකාර දෛනිකව සිදු කරමින් පැවතිණ. යන්ත්‍රය බිඳ වැටීම හේතුවෙන් එම සියලු රෝගීන්ගේ ප්‍රතිකාර සේවාවන් අතරමග නවතා දැමීමට සිදුවී ඇති බව වාර්තා වේ.
මෙම යන්ත්‍රය මගින් ගාල්ල ජාතික රෝහලේ පිළිකා රෝගීන්ට අමතරව මාතර, හම්බන්තොට, කළුතර, රත්නපුර, ඇඹිලිපිටිය යන රෝහල් මගින් යොමු කරන රෝගීන් ගේ ප්‍රතිකාර සේවා ලබාදීම ද සිදුකෙරිණි. මේ හේතුවෙන් ප්‍රතිකාර ආරම්භ වූ සහ ප්‍රතිකාර සිදුකර ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින රෝගීන් දැඩි අපහසුතාවයකට ලක්ව සිටී.
ලීනියර් ඇක්සලරේටර් විකිරණ ප්‍රතිකාරය දැනට ලංකාව තුළ භාවිත වන පිළිකා ප්‍රතිකාර සේවාවලින් දියුණුතම ප්‍රතිකාරයකි.මාර්තු 31 වෙනිදා මඩකළපුව රෝහලේ යන්ත්‍ර බිඳවැටීමෙන් පසු මෙම යන්ත්‍රය බිදවැටීමත් සමග මේ වනවිට රජයේ රෝහල් තුළ පවතින යන්ත්‍ර නවයෙන් යන්ත්‍ර දෙකක් බිඳුවැටුණු තත්ත්වයට පත්ව ඇත. ඉතිරි යන්ත්‍ර 07, අපේක්‍ෂා රෝහල 04ක්, මහනුවර ජාතික රෝහලෙහි 02ක් සහ යාපනය ශික්ෂණ රෝහලෙහි 01ක් ලෙස ස්ථාපනය කර ඇත.
මෙම යන්ත්‍රය මගින් සිදුකර ප්‍රතිකාර සේවාව පුද්ගලික අංශයෙන් සිදුකර ගැනීම සදහා රුපියල් ලක්ෂ 5 සිට 20 වඩා වැඩි මුදලක් වැය වේ. එමෙන්ම මේ වනවිට ගාල්ල ජාතික රෝහලේ විකිරණ ප්‍රතිකාර සේවා ලබා ගැනීම සඳහා මාස 2 කට වැඩි පොරොත්තු ලේඛණයක් පවතින අතර එම පොරොත්තු ලේඛනය තවදුරටත් අර්බුදයට ලක්වනු ඇත.
මෙම යන්ත්‍රය සම්බන්ධයෙන් ද මඩකළපුව රෝහලේ මෙන් අදාළ සේවා සපයන සමාගම සේවා සැපයීමෙන් ඉවත්වීම හේතුවෙන් යන්ත්‍රය යථා තත්ත්වයට පත්කිරීම ඇනහිට ඇත. මේ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශය ඇතුළු සියලු වගකිව යුතු පාර්ශව දැනුත් කර ඇතත් මේ වනතුරු ප්‍රතිකාර සේවා යථාතත්වයට පත්කර නොමැත.
චානක ධර්මවික්‍රම - සභාපති, රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
