ගල් අඟුරු කතාව තිබුණේ වැට උඩ ය.
අවුලක් තිබුණාද, නැද්ද යන්න පිළිබඳ දෙපිල බෙදුණු සංවාදය දැන් එක පැත්තකට සම්පූර්ණයෙන් ම බර වී අවසන් ය. ඒ, ජාතික විගණන කාර්‍යාලය මගින් 2026 අප්‍රේල් 02 දිනැතිව නිකුත් කර ඇති 'ලක්විජය බලාගාරය සඳහා ලංකා ගල් අඟුරු සමාගම විසින් ගල් අඟුරු මිලදීගැනීමේ ක්‍රියාවලිය සහ 2025 / 2026 වාරය සඳහා ගල් අඟුරු ප්‍රසම්පාදනය පිළිබඳ විශේෂ විගණන වාර්තාව' නිසා ය.
මේ වාර්තාව අතිශය බරපතළ ය
ජාතික ජන බලවේග ආණ්ඩුව පත්කරගැනීමේ මූලික ජනතා අභිලාෂ අතර වූයේ දූෂණයට එරෙහි වීම සහ නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමයි. විපක්ෂයේ අනෙකුත් බොහෝ දේශපාලන පක්ෂවලට පෙනී සිටිය නොහැකි වූ, වර්තමාන ආණ්ඩුවට පෙනී සිටිය හැකි වූ තැන එතැන ය. එම නිසා විපක්ෂයට අවශ්‍ය වන්නේ මේ පෙනී සිටීමේ කොටස නැති කර දමන්නට ය. ඔවුන් බය ඒකට ය. එහෙත් ගල් අඟුරු විසින් ආණ්ඩුවේ ඒ තීරණාත්මක පදනම ඉරිතළන තැනට වැඩ හදා ඇත. ගැටලු තිබිය හැකි වුව ද, අප ජාතික විගණන කාර්‍යාලයේ මේ වාර්තාව පිළිගත යුතු ය. එනම්, ආණ්ඩුව සමස්ත වගකීම ගත යුතු දූෂණයක් මෙහිදී සිදු වී ඇත.
ගල් අඟුරු බරපතළ තර්ජනයක්...?
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් හෝ අන් විමර්ශන ආයතනයක් මගින් හෝ මේ පිළිබඳ විමර්ශන කොට අධිකරණය ඉදිරියේ සත්‍යය දිගහැරිය යුතුය. එතෙක් විගණන වාර්තාව සත්‍ය බවත්, බරපතළ සිදුවීමක් සිදු වී ඇති බවත් පිළිගත යුතුය. මීට පෙර ද අප කළේ එසේ ය. අප ලිව්වේත් එසේ ය. එය මීට ද අදාළ ය. ජාතික විගණන කාර්‍යාලය ස්වාධීන ආයතනයකි. එහි ස්වාධීනත්වය තවදුරටත් වැඩි කිරීමට ජාතික ජන බලවේග ආණ්ඩුව ද කටයුතු කළේ ය. 2018 අංක 19 දරන ජාතික විගණන පනත ජාතික ජන බලවේග ආණ්ඩුව විසින් සංශෝධනය කළේය. ඒ, 2025 සැප්තැම්බර් මාසයේ දී ය. 2025 අංක 19 දරන ජාතික විගණන (සංශෝධන) පනත නම් වූයේ එය යි. එම සංශෝධනයේ ඇති වැදගත් ම කරුණක් වන්නේ විගණකාධිපතිවරයා සතු බලය තවත් වැඩි කිරීම සහ එය ශක්තිමත් බලයක් බවට පත්කිරීමයි. එහෙත් මේ සියල්ලට ගල් අඟුරු බරපතළ තර්ජනයක් එල්ල කර අවසන් ය.
අවසානයට කිව යුත්තේ,
යුක්තිය ඉටුවීම පමණක් ප්‍රමාණවත් නොවන බවයි. යුක්තිය ඉටු වන බව පෙනෙන්නට තිබිය යුතු ය. යුක්තිය අප්‍රමාදව ඉටු විය යුතු ය. ඉහළින් ම තිබිය යුත්තේ බහුතර ජනතා අභිලාෂය යි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
