අද අප රටේ ජනතාවට බාල ගල් අඟුරු හොරුන් ගේ පැත්තේ ඉන්න අයත් විදුලි පාරිභෝගිකයන් ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම වෙනුවෙන් ඉන්න අය කවුද කියා හදුනා ගැනීමට හැකි වූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.
ඔහු මෙම අදහස් පළ කළේ ඊටේ (10) පාර්ලිමේන්තුවේ දී පැවැති බලශක්ති අමාත්‍යාවරයාට එරෙහි විශ්වාසභංගයේ ඡන්ද විමසීම අවසානයේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...
''මේ ඡන්දය තුළින් ජනතා විමුක්ති පෙරමුණේ 153ක් බාල ගල් අඟුරු හා ගල් අඟුරු වංචාව වෙනුවෙන් අත්ඉස්සුවා. සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂයේ 49ක් විදුලි පාරිභෝගිකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් විදුලි බිල වැඩි කිරීම හා මේ වංචාවට විරුද්ධව නැගී සිටියා. මේ ඡන්ද ප්‍රතිඵලයෙන් පසුබෑමකට ලක් නොවී ඉදිරියටත් විදුලි පාරිභෝගිකයන් ගේ අයිතිය වෙනුවෙන් ජනතාව පෙළ ගස්වා විදුලි පාරිභෝගිකයන් ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම වෙනුවෙන් පෙනී සිටිනවා.''
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
