Image

අතපසුවීම් වෙන්න පුළුවන් ඒවා හදාගෙන ඉදිරියට යනවා-නාමල් රාජපක්ෂ

අතපසුවීම් වෙන්න පුළුවන් ඒවා හදාගෙන ඉදිරියට යනවා-නාමල් රාජපක්ෂ

අතපසුවීම් වීම් සිදු විය හැකි බවත්, ඒවා නිවැරැදි කරගෙන ඉදිරියට යන්නේ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (14) කාල්ටන් නිවසේ සිදු කළ අවුරුදු චාරිත්‍ර ඉටු කිරීමෙන් පසු මාධ්‍ය අමතමිනි.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ...

සංස්කෘතිය ආරක්ෂා කළ යුත්තේ ඇයි?

"විශේෂයෙන්ම සියලු දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා...! ඒ වගේම අපි විශ්වාස කරන දෙයක් තමයි අපේ සංස්කෘතිය සිංහල දමිළ සියලු දෙනා එකට සංස්කෘතික අංගයක් විදිහට සමරන මේ අවස්ථාවේ අපේ ඊළඟ පරම්පරාවට ඒක ආරක්ෂා කරල දෙන්න ඕන. ඒ වගේම ඉතිරි මතු පරම්පරාවට දෙන්න ඕන. ඒක තමයි අපේකම සහ අපේ බේස් එක, අඩිතාලම. අපි හැදුණේ එතනින්; වැඩුණේ එතනින්. ඉතින් මං හිතනවා අභියෝගාත්මක වසරක් වගේ පෙනුනත් මේ අවුරුද්දේ ඒ ලබන්නා වූ අලුත් අවුරුද්ද එය අභියෝග ජයග්‍රහණය කරගෙන සුබ අලුත් අවුරුද්දක් බවට පරිවර්තනය කර ගැනීමට හැකියාව ලැබෙයි කියලා විශ්වාස කරනවා. මං හිතන්නේ පළවෙනි ම දේ තමයි ඒ පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕන තමන්ට. අතපසුවීම ඕන කෙනෙක්ට වෙනවා ඒ වෙච්ච අතපසුවීම් හදාගෙන ඉදිරියට යෑම තමයි අප කළ යුත්තේ. ඉතින් මං හිතන්නේ  අපේ සංස්කෘතියේ අපි ඉගෙන ගන්නේ මේවා ආරක්ෂා කර  ගන්නේ අන්න ඒ නිසයි.

අනාගතය ගොඩනැගීම සඳහා තරුණ දායකත්වය

අපේ ඉතිහාසයේ යම් අතපසුවීම් වෙන්න ඇති, යම් වැරදි වෙන්න ඇති ඒවා හඳුනගන්න ඕන. ඒවා පිළිගන්න ඕනෑ. ඉතින් එතනින් එහාට ඉදිරි කාල සීමාව තුළ රටක් ජාතියක් විදියට  ගොඩනැගෙන්නේ කොහොම ද කියන කාරණයට මේ රටේ තරුණ පරම්පරාව ඉදිරියට යා යුතුයි. පැහැදිලිවම ඉතාමත් දක්ෂ සහ නූතන පරම්පරාවට ඔබින තරුණ පරම්පරාවක් අපේ රටේ ඉන්නවා  ඉතින් මම හිතන්නේ ඒ අයව අපි මේ රටේ අභිවෘද්ධයට යොමු කරන්නේ කොහොම ද ඒ අවස්ථාවල් ගොඩනගන්නේ කොහොම ද ඒ අයව විශ්වාස කරන්නේ කොහොම ද...? අපි අද දකින දේ තමයි තරුණයා කෙරෙහි තිබෙන විශ්වාසය බිඳ වැටීමක් තියෙනවා. යම් අඩු වැඩි වශයෙන් ඉතිහාසයේ තරුණයෝ  වගකියන්නත් ඕන අසූ අට අසූ නමය ගත්තත් අසූ තුන ගත්තත් මෑත 2022 ගත්තත් හැබැයි ඒ හුදකලා සිදුවීම් කිහිපයක් නිසාත් සමස්ත රටක් ජාතියක් කඩන් වැටුණා. සමස්ත තරුණ පරම්පරාවම ඒ තුළ මනින්න බෑ අපිට. ඒ හින්දා මං හිතන්නේ  මේ තරුණයාගේ දක්ෂතාවයන් අපේ රටේ අනාගතය වෙනුවෙන් ගොඩනඟන්න  රටක් ජාතියක් විදිහට  ගොඩනැගෙන්න අපි ඒකරාශී කරගෙන යා යුතුයි.''

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න