පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වයට : ගෝඨා කපාගෙන බැසිල් එයි !

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වයට : ගෝඨා කපාගෙන බැසිල් එයි !

ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණය සදහා ජනාධිපති අපේක්‍ෂකයා ලෙස ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායක හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා නම් කරන්නේ නම් තමන් ඉතාම සතුටු වන බව ඒකාබද්ද විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමලවීර දිසානායක  පවසයි.

ඔහු මේ බව කියා සිටියේ අම්පාරේදී පැවති එම දිස්ත‍්‍රික් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජිත හමුවක් අමතමිනි. 

එහෙත් මහින්ද  රාජපක්‍ෂ  විසින් නම් කරන පුද්ගලයෙකුට තම සහයෝගය ලබා දීමට සූදානම් බවද මන්ත‍්‍රීවරයා සදහන් කරයි.

අනතුරුව සභාව ඇමතූ  බැසිල් රාජපක්‍ෂ මහතා කියා සිටියේ ජනාධිපති අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට සුදුසුම පුද්ගලයා මහින්ද රාජපක්‍ෂ මහතා බවයි.

එමෙන්ම මහින්ද රාජපක්‍ෂ මහතා විසින් කම් කරන ඕනෑම පුද්ගලයෙකුගේ ජයග‍්‍රහණය සහතික බවත් අවශ්‍ය නම් විමලවීර දිසානායක වුවද ඒ සඳහා ගැළපෙන බවද ඔහු පැවසීය.

තම අම්මාගේ වාසගම ද දිසානායක බැවින් විමලවීර දිසානායක රාජපක්ෂලාගේ ඥාතියකු බව පැවසුවද ගැටළුවක් නැති බවද ඔහු පවසා ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න