ගෝඨාභයගෙන් පැය දෙකක්  ප්‍රශ්න කල හේතුව ?

ගෝඨාභයගෙන් පැය දෙකක්  ප්‍රශ්න කල හේතුව ?

ආරක්‍ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ගෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (25) පෙරවරුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවා තිබිණ.

ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙලෙස විමර්ශන කොට්ඨාසය කැඳවා තිබුනේ, තංගල්ල, වීරකැටිය, ඩී. ඒ. රාජපක්‍ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා රජයේ මුදල් අවභාවිත කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදු වන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ය.

මීට අදාළව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ පෙනී සිට ප්‍රකාශයක් ලබා දීමට සහ කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් සිතාසියක් ලද විටක අධිකරණය හමුවේ පෙනී සිටීමට  ආරක්‍ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ ඉකුත් 14 වැනිදා අභියාචනාධිකරණයේදී එකඟ වී තිබිණි.

මෙම සිද්ධියට අදාළව ඔහුට එරෙහිව පොදු දේපළ පනත යටතේ නීතිමය පියවර ගැනීම සහ ඔහුව අත්අඩංගුවට ගැනීම වළකාලමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක්ද නිකුත් කර තිබේ.

ඒ අනුව අද දිනයේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට පැමිණි ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ප්‍රකාශය ලබාදීමෙන් පසුව පිටත්ව ගොස් ඇත.

දේශපාලන පළිගැනීම් බොරු කතා :  චෝදනා පැහැදිළියි 

කෙසේ වුවත් මේ වන විට අදාළ කැඳවීම  දේශපාලන පලිගැනීමක් ලෙස හුවා දක්වන පුවත් පළවෙමින් පවතින බවත් එහෙත් මෙහි කිසිඳු දේශපාලන පළිගැනීමක් නොමැති අධිකරණ නොයෝග මත සිදුවන නෛතික ක්‍රියාවලියක් බව නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සඳහන් කරයි.

ඔවුන්මෙ පෙන්වා දෙන ආකාරයට  රාජ්‍ය බලය අයුතු ලෙස භාවිත කර, රාජ්‍ය දේපළ පරිහරණය කර ඇති බවක් මෙම  ඉදිකිරීම් කටයුතු සිදුකර ඇති ස්වභාවය තුළ  පෙනෙන්නට ඇත.

ඩී.ඒ. රාජපක්ෂ පදනම නමින් පිටුවාගත් සංවිධානයක් හරහා  මැදමුලන ප්‍රදේශයේ දෙමාපියන් නමින් ස්මාරක ඉදිකිරීමත් ඒ සඳහා  ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ රුපියල්  මිලියන 60කට අධික මුදලක් සහ නාවික හමුදාවේ රුපියල්  මිලියන 29.5කට අධික ශ්‍රමය යොදාගෙන තිබීම ඊට සාක්ෂි දරයි.

ඒ අනුව ඔවුන් පෙන්වා දෙන්නේ   රුපියල් මිලියන 90ක අධික මුදලක් රාජ්‍ය බලය හරහා අවභාවිත කර ඇති බව මෙහිදී රහසක් නොවන බවය.

එසේම   මැදමුලන ඩී.ඒ රාජපක්ෂ ස්මාරකය හා කෞතුකාගාරය ඉදිකිරීමේ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය හෝ වීරකැටිය ප්‍රාදේශීය සභාවේ අවසර  ලබාගෙන නොමැතිවීම සහ   ගෝඨාභය රාජපක්ෂ විසින් ලබා දුන් වාචික උපදෙස් හා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ එවකට හිටපු සභාපති හර්ෂාන් ද සිල්වා විසින් කරන ලද ලිඛිත ඉල්ලීමකට අනුව සිදු කර තිබීමත් හමුවේ ඉතා පැහැදිළි චෝදනා බවද ඔවුන් අවධාරණය කර සිටියි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න