රාජපක්ෂ සමයේ නීති විරෝධී සුදු වෑන් යොදාගනිමින් දියත් කළ මාෆියාව අගය කරමින් ඉරාජ් වීරරත්න සිය ෆේස් බුක් පිටුවේ සටහනක් යොදා ඇත.
එහි ඇති විශේෂත්වය වන්නේ එය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ අවධානයට ද යොමුකර තිබීමය.
එම සටහන ඔස්සේ ඔහු පෙන්වාදීමට උත්සාහ කර ඇත්තේ, සුදුවෑන් මාෆියාව වර්තමානයේ නොමැති බැවින් පාතාල ක්‍රියා හිස ඔසවා ඇති බවත් ඒ අනුව පාතාලය මර්දනය කිරීමට නම් රටේ නීතියට පරිභාහිරව නීති විරෝධී මිලිටරි යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කරවිය යුතු බවය.
සාමාන්‍යයෙන් ශිෂ්ට සම්පන්න සමාජයක් අනුමත කරන්නේ නීතියේ පාලනයයි. ඒ හැර සිහි මොළ විකල් නොවූ කිසිවෙක් නීතියට පරිභාහිරව ක්‍රියාත්මක වන්නාවූ මිලිටරි මෙහෙයුම් හරහා සමාජය යහපත් කිරීම අපේක්ෂා කරන්නේ නැත. සියල්ලටම වඩා පසුගිය 2015 ජනවාරි 08 මැතිවරණයේ දී රාජපක්ෂ රෙජීම පාලනයට එරෙහිව මිනිසුන් ජන්දය යොදා ප්‍රතික්ෂේප කර සිටියේද එවැනි නීති විරෝධී සහ ෆැසිස්ට් පාලන රටාවක්ය.
නමුත් රාජපක්ෂලාගේ සමාජ ජාල වෙබ් ඇතුළු ප්‍රචාරණ ජාලය තුළ තීරණාත්මක වැඩ කොටසක් සිදුකරන ඉරාජ් වැන්නෙකු මේ ආකාරයේ යෝජනාවක් නිකං සිදුකරන්නේ නැත.
එක් පසෙකින් රාජපක්ෂලා සමඟ කටයුතු කරන විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ඇතුළු බුද්ධිමය කොටස් යොදවා රට හදන්න සොඳුරු ආඥාදායකයකු අවශ්‍ය බව සමාජ ගත කරන ඔවුන් අනෙක් පසින් රටේ නමගිය භික්ෂුන් වහන්සේලා යොදවා හිට්ලර් පන්නයේ නායකයකු රටට අවශ්‍ය බවට මතයක් හදමින් සිටින බවක් පෙන්නුම් කරයි.
ඒ අනුව ඉරාජ්ගේ යෝජනාවේ ඇත්තේ එවැනි පාලනයක් තුළ මිලිටරිය සහ නීති විරෝධී අවිගත් පාර්ශව හරහා සමාජය පාලනයට නතු කරගන්නා ක්‍රමවේදයයි. ඒ වෙනුවෙන් වන පූර්ව බිම් සැකසුමක් ලෙස මෙම සටහන සැළකිය හැකි වන්නේ ඉරාජ් එම පාර්ශවයේ දේශපාලන ව්‍යාපෘතියට සම්බන්ධව ක්‍රියාකරන ප්‍රධානියකු වන නිසාය.
එසේනම් මේ සූදානම ජනතා අනුමැතියකින් තොරව ඒකාධිපති පාලනයක් ගෙන ඒමට දැරූ උත්හාසය සහ ඒ නිසාම අසාර්ථක වූ ඒ මිලේච්ච ව්‍යාපෘතිය ජනතා අනුමැතිය යටතේ ගෙන ඒමටය.
මෙහිදී අමතක නොකළ යුතු වැදගත් කරුණක් වන්නේ ජර්මනියේ හිට්ලර්ද සිය ඒකාධිපති මිලේච්ච නාසි පාලනය දියත් කිරීම සඳහා අවස්ථාව ගත්තේ ප්‍රජාතන්ත්‍රවාදී ජන්දයකින් බවය.


