ශ්‍රීලනිප 16 න් : බැසිල්ට ඒකාබද්ධ ටොක්කක් ! 

ශ්‍රීලනිප 16 න් : බැසිල්ට ඒකාබද්ධ ටොක්කක් ! 

ශ්‍රීලනිප  16 කණ්ඩායම ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගැනීමට කිසිදු සූදානමක් නැති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුසිල් පේ‍්‍රම්ජයන්ත පවසා ඇති බව වාර්තා වෙයි.

පාර්ලිමේන්තුව නියෝජනය නොකරන පක්‍ෂයක සාමාජිකත්වය ගැනීම යනු අනවශ්‍ය නීතියම ප‍්‍රශ්න මතු කිරීමක් බවත් ඒ අනුව කල යුතුව තිබෙන්නේ  සියලු දෙනා එක් කර ගනිමින් පොදු  සතුරා පරාජය කිරීම බවද ඔහු සඳහන් කර ඇත.

16 කණ්ඩායම පොහොට්ටුවේ සාමාජිකත්වය ගත යුතු යයි පවසන්නේ නීතිය නොදන්නා පිරිස් බවද පවසා ඇති මන්ත්‍රීවරයා ඒ ආකාරයේ කතා කියන්නේ දේශපාලන වශයෙන් පරිනත පුද්ගලයන් නොවන බවත් මහින්ද රාජපක්‍ෂ වැනි පරිනත දේශපාලඥයන් එවන් කතා නොකියන බවත් පවසා ඇත.

මේ ටොක්ක බැසිල්ටද ? ජී.එල් ටද ?

කෙසේ වුවත් පසුගිය අවස්ථා ගණනකදී  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන්  දැක්වූ බැසිල් පාර්ශවය   සඳහන් කර සිටියේ ඉදිරියේ තම පාර්ශවය සමඟ මැතිවරණ කිරීමට අපේක්ෂා කරන සියලු දෙනා පොදුජන පෙරමුණේ නායකත්වය පිළිගෙන එහි සාමාජිකත්වය ගත යුතු බවය.

එසේම 16 කණ්ඩායම ඒකාබද්ධ විපක්ෂය තුළ  මන්ත්‍රී හමුව වැන්නක් සඳහා සහභාගී වීමට අපේක්ෂා  ඔවුන් දැනට සහභාගී වන සන්ධාන සහ ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම් හමුව වර්ජනය කල යුතු බවද එම පාර්ශවය දන්වා තිබිණ.

dilanනපුංසක වෙන්න බෑ - ඩිලාන් 

මේ අතර බැසිල් රාජපක්‍ෂ මහතා තම 16 කණ්ඩායම ඉලක්ක කරමින් දිගින් දිගටම පහර දෙද්දී ඊට ප‍්‍රතිචාර නොදැක්වුවහොත් තමන් නපුංසකයන් වෙන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩිලාන් පෙරේරා පවසා ඇත.

තමන් ඇතුළු කිසිවෙකු රාජපක්‍ෂ පවුලේ සෙසු සාමාජිකයනට කුමන දේ කියුවද මහින්ද රාජපක්‍ෂ මහතා කිසිදු චෝදනාවක් එල්ල කර නැති බවද එහිදී මන්ත්‍රීවරයා සඳහන් කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න