හිට්ලර් වැනි නායකයකු වන ලෙස ගෝඨාභය රාජපක්ෂට වෙඬරුවේ උපාලි හිමි පසුගියදා සිදුකළ ප්‍රකාශය තමන්ට සිදුකළ පෞද්ගලික අනුශාසනාවක් බවත් ඒ ගැන ජනාධිපතිතුමා, අගමැතිතුමා සහ මුදල් ඇමතිතුමා ඇතුළු නොයෙක් ඇමතිවරු ප්‍රකාශ නිකුත් කිරීම සුදුසු නොවන බව ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ සඳහන් කරයි.
අද (25) පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයට පැමිණ ප්‍රකාශයක් ලබාදීමෙන් පසුව මාධ්‍ය අමතමින් ඔහු මේ බව සඳහන් කර ඇත.
එහිදී මාධ්‍ය අමතමින් ඔහු සඳහන් කර සිටියේ, " එය මගේ ගෙදර පුද්ගලිකව කරපු අනුශාසනාවක්. ඉතිං මේ ගැන ජනාධිපතිතුමා අගමැතිතුමා මුදල් ඇමතිතුමා සහ නොයෙක් ඇමතිවරු ඒ පිළබඳව මෙපමණ ප්‍රකාශ නිකුත් කිරිම, මම දන්නෑ මම එච්චර වැදගත් පුද්ගලයෙක්ද කියලා.මම සාමාන්‍ය පුද්ලගලයෙක්.සමහර විට මේවා අනුනායක හිමියන්ට විරුද්ධව කරන ප්‍රකාශ වෙන්නැති.මම හිතන්නේ නෑ එහෙම කරන එක සුදුසුයි කියලා."
"...මම දන්න විදියට බුදුහාමුදුරුවෝ වාදාළේ යම් අනුශාසනාවක් කරනකොට ඒ අනුශාසනාව තේරුම් ගන්න පුලුවන් ප්‍රඥාවක් තියෙන පුද්ගලයන්ට පමනක් අනුශාසනාව කළ යුතුයි කියලා.ඉතිං මම නම් අනුශාසනාවේ තිබෙන සියලු කරුණු වටහා ගත්තා.වටහා ගත්තේ නැති පුද්ගලයෝ තමයි ඒ පිළිබඳ ප්‍රකාශ නිකුත් කරන්නේ...‘‘ යනුවෙනි.
බුදු වදනත් එහෙම නම් ගෝඨාභය සමාන හිට්ලර්ට ද ?
ඒ අනුව විචාරකයින් සඳහන් කර සිටින්නේ
බුදුන් වහන්සේ කාලාම සූත්‍රය, කාලාම පුත්‍රයාට ගැළපෙන ලෙස සිදුකළ ආකාරයට, කසී භාරද්වාජ සූත්‍රය කසීභාරද්වාජට ගැළපෙන ලෙස දේශනා කළ ආකාරයට අනුනාහිමියන් ගෝඨාභයගේ ක්‍රමයට ගැළැපෙන ලෙස අනුශාසනාව සිදුකර ඇති බවය.
නොමළ නිවසකින් අබ මිටක් ගෙනෙන්නට පටාචාරාවට දැන්වීමේ සිට දේවදත්ත දක්වාත් ආලවක දමනයේ සිට නාලාගිරි දමනය දක්වාත් වන ශාසන ඉතිහාසය එහෙම බැවින් අවසානයේ ගෝඨාභය රාජපක්ෂද ඒ බව පිළිගෙන ඇති බවත් ඔවුන් පෙන්වා දෙයි.

