සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයාව සිටිමින් රුපියල් අසූ ලක්ෂ අනූ පන්දහසක් වටිනා සුඛෝපභෝගී රථයක් ආනයනය කර සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී නොසිටි හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණර්ධන අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් වරෙන්තු නිකුත් කොට ඇත.
මෙම සිද්ධියට අදාළව මීට පෙර රක්ෂිත බන්ධනාගාර ගත කර සිට ඇප මත සිටි හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම වරෙන්තුව නිකුත් විණී. ඉකුත් 2015 වර්ෂයේදී සංවර්ධන ලොතරැයි මණ්ඩලය වෙත රුපියල් අසූ ලක්ෂ අනූ පන්දහසක් වටිනා මෙම සුඛෝපභෝගී රථය ආනයනය කර පසුව සාවද්‍ය පරිහරණය කර ඇතැයි කියමින් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සැකකාර හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා අත්අඩංගුවට ගනු ලැබුවේ ඉකුත් සැප්තැම්බර් 4 වැනිදාය.

