මොරටුව, එගොඩඋයන හන්දියේ මොරටුව - මෝදර ප්‍රධාන මහා මාර්ගයේ 16 වන දින අලුයම් කාලයේ සිට සිදුවන ජල කන්ඳුවක් හේතුවෙන් මේ දක්වා ජලය අපතේ යෑම සිදුවෙමින් පවතී.
මේ පිළිබඳව ප්‍රදේශවාසීන් විසින් ජලසම්පාදන මණ්ඩලය වෙත පැමිණිලි සිදු කළත්, 16 වන දින සවස් වනතුරු ම අදාළ ජල කාන්ඳුව පිළිසකර කිරීම සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත.
අදාළ ජල කාන්දුව පිළිබඳව උදෑසන කාලයේ දී පාරිභෝගික සේවා ඇමතුම් (1939) මධ්‍යස්ථානය දැනුවත් කර ඇති අතර, නැවත දහවල් සහ සවස් යාමයේ දී මේ පිළිබඳව සිහිකැඳවීම් ද, ප්‍රදේශවාසීන් විසින් සිදුකර ඇති අතර ජල සම්පාදන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි පවා මේ සම්බන්ධව දැනුවත් කිරීම් සිදුකර ඇත. කෙසේ වෙතත් මොරටුව ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාලයේ අකාර්ය්‍යක්ෂමතාවය හේතුවෙන් මේ වනතුරු ම මේ සඳහා කඩිනම් පියවරක් ගෙන නොමැත.
මීට සති හතරකට පෙර මෙම ස්ථානයේ ජල කාන්දුවක් සිදු වූ අතර එය නිසි ලෙස පිළිසකර නොකිරීමෙන් නැවතත් එම ස්ථානයේ ජලය කාන්දු වන බව ප්‍රදේශවාසීන් පවසයි.
වර්තමාන දැඩි නියන් තත්ත්වයේ හමුවේ පානීය ජලය හිඟවීම හේතුවෙන් මහජනතාව මහත් දුෂ්කරතාවයට පත්ව සිටින මෙවන් වකවානුවක ජලය අර පිරිමැස්මෙන් පාවිච්චි කිරීමට උපදෙස් ලබා ලබා දෙමින් පවතී. මෙවන් අවස්ථාවක අදාළ වගකිවයුත්තන්ගේ නිසි සම්බන්ධීකරණ දුර්වලතා හේතුවෙන් ජලය අපතේ යෑම අවධානයට යොමු නොවීම ජාතික අපරාධයකි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
