Image

දීපචෙල්වන් ගේ කෘති පිළිබඳව නෛතික වගකීමක් අපිට නැහැ - බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ලේකම්

දීපචෙල්වන් ගේ කෘති පිළිබඳව නෛතික වගකීමක් අපිට නැහැ - බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ලේකම්

ලේඛක දිපචෙල්වන් ගේ කෘති පිළිබඳව වගකීම පවතින්නේ ශ්‍රී ලංකා රේගුව අත බවත්,

ග්‍රන්ථකරණය සහ ප්‍රකාශන නිදහස කලා සංස්කෘතික ක්ෂේත්‍රයට ඇති සම්බන්ධය සලකා ශ්‍රී ලංකා කලා මණ්ඩලය මීට පෙර ද මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇති බවත්, එම ග්‍රන්ථ පිළිබඳ නෛතික වගකීම සමග බුද්ධ ශාසන, ආගමික සහ සංස්කාතික අමාත්‍යංශය බැඳි නැතැයි බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ගේ මාධ්‍ය ලේකම් ගුණරත්න වික්‍රමතිලක  සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කරන්නේ ඔහු ගේ අත්සනින් යුත් නිවේදනයක් නිකුත් කරමිනි.

ඊයේ (17) අමාත්‍යංශ පරිශ්‍රයේ දී මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් කැඳවා තිබුණේ සංස්කෘතික ක්ෂේත්‍රයට දක්වන සංවේදීතාව නිසා යැයි ද එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

මතු පළ වන්නේ බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ගේ මාධ්‍ය ලේකම් විසින් නිකුත් කරන ලද නිවේදනය යි. 

සංස්කෘතික අමාත් යාංශය මාධය නිවේදනය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න