ගල් අඟුරු වංචාව සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂනයක් පැවැත්වීමට නම් කුමාර ජයකොඩි පමණක් ඉල්ලා අස් වීමෙන් පළක් නොමැති බවත්, එබැවින් ජනාධිපතිතුමා, අගමැතිතුමිය ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ප්‍රමුඛ මාලිමා නියෝජිතයින් 159 ම ඉවත් වී භාරකාර ආණ්ඩුවක් පත් කළ යුතු යැයි නව ජනතා පෙරමුණෙහි නායක සුගීෂ්වර බණ්ඩාර පැවසී ය.
ඔහු මේ අදහස් පළ කළේ අමාත්‍ය ලාල්කාන්ත ගේ නිවස වටලෑමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි.
එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ සුගීෂ්වර බණ්ඩාර...
කුමාර ජයකොඩි විතරක් ඉල්ලා අස් වෙලා හරියන්නේ නෑ
''ආණ්ඩුව දිගින් දිගටම මේ ගල් අඟුරු වංචාව සම්බන්ධව බාල ගල් අඟුරු නිසා පාඩුවක් වෙන්නේ නෑ, වංචාවක් වෙන්නේ නෑ, කියන මතයේ තමයි හිටියේ. අපි දැක්කා ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට ඇවිල්ලා දෙවතාවක්, එක පාරක් නෙවෙයි දෙපාරක් ඇවිල්ලා මේ වංචාව නිසා පාඩුවක් වෙන්නේ නෑ කියලා කියනවා. මේ මඩ අසූචි ගාගත්ත කුමාර ජයකොඩිව හෝදන්න මොනතරම් උත්සහ කරනවද . ආණ්ඩුවේ පළවෙනි ස්ථාවරය වුණේ පාඩුවක් වෙන්නේ නෑ වංචාවක් වුණෙත් නෑ කියලා සමාජයට කියන ඒක. හැබැයි විපක්ෂයේ අපි දිගින් දිගටම මේ සම්බන්ධයෙන් වංචාවක් වුණා, රටට පාඩුවක් වුණා රටේ විදුලි අර්බුදයක් එනවා කියලා අපි හඬ නගපු නිසා ඊළඟට ආණ්ඩුවේ ස්ථාවරය වෙනස් වුණා .වංචාවක් වුණේ නෑ ගල් අඟුරු වල තත්ත්වය බාල නිසා පාඩුවක් වෙලා තියනවා කියලා ආණ්ඩුව කියන්න පටන් ගත්තා. හැබැයි ඒ පාඩුව ජනතාව පිට පටවන්නේ නෑ ඒක සමාගම් වලින් අය කරගන්නවා කියලා. එතකොට විශ්වාස බංගෙදිත් ආණ්ඩුව ඒ ස්ථාවරයේ හිටිය නිසා ජනාධිපතිතුමායි අගමැතිතුමියයි කැබිනට් එකයි පාපිසි 159 ඉන්න ස්ථාවරය තමයි වංචාවක් වෙලා නෑ පාඩුවක් විතරයි වෙලා තියෙන්නේ. ඒ පාඩුව සමාගම් වලින් අය කර ගත යුතුයි කියලා. එහෙමනම් කොහොමද සාධාරණ පරීක්ෂණයක් කෙරෙන්නේ ජනාධිපති රටේ විධායකය ව්‍යවස්ථාදායකය මතේ ඉඳලා වැඩ කරන්නේ. ඔවුන් ඉන්න මතේ තමයි පාඩුවක් විතරයි වුණේ කියලා. එහෙම මතයක් දරාගෙන ජනාධිපතිතුමා අගමැතිතුමිය පාර්ලිමේන්තුවේ එහෙම මතකයක් දරන්නේ කොහොමද? සාධාරණ පරීක්ෂණයක් වෙන්න එපැයි. ඒ නිසා සාධාරණ පරීක්ෂණයක් වෙන්න ඕනේ නම් කුමාර ජයකොඩි විතරක් ඉල්ලා අස් වෙලා හරියන්නේ නෑ. ජනාධිපතිතුමයි අගමැතිතුමියයි ප්‍රමුඛ කැබිනට් එකයි පාර්ලිමේන්තුවේ 159 යි ඉවත් වෙලා භාරකාර ආණ්ඩුවක් පත් කරලා සාධාරණ පරීක්ෂණයක් කරන්න කියලා අපි රජයෙන් ඉල්ලනවා.
මාලිමා ආණ්ඩුවෙන් කළ ලොකු ම පුනරුදය
සමාජයේ පොඩි මතයක් තියනවා ලාල් කාන්ත කියන්නේ පොඩි අඩියක් ගහන ඇත්ත කතා කරන තමන් දකින දේ නිර්භයව කෙලින් කියන අවංක මනුස්සයෙක් කියලා. ඒ නිසා ඒ වගේ මනුස්සයෙක් මේ වගේ ගේමක් ගහලා නම් අපිට ජ.වි.පෙ ටිල්වින් සිල්වා ඇතුළු ඔය කණ්ඩායම ගැන ඉතින් කවර කතාද? ඒ හින්දා වෙනම ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් පත් කරන්න වෙනවා මාලිමාව ධුරය දරන කාලය තුළ ඒ රැස් කරපු අයතා වත්කම් සහ දේපළ සම්බන්ධ වෙනම පරීක්ෂණයක් අනිවාර්යයෙන්ම කරන්න වෙනවා. මේ මාලිමා ආණ්ඩුව ඇවිල්ලා මේ දෙවසර තුළ කරපු ලොකුම සංවර්ධනය තමයි මැතිනිය විසින් ඉදි කරපු මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් සංවර්ධනය කරපු පිටකොටුව බස් නැවතුම්පොළ සුදු පිරියම් කරලා, සුදු හුනු ගාලා තීන්ත ගාලා නැවත ජන සතු කරපු එක. මේ වගේම මාලිමා ආණ්ඩුවෙන් කරනු ලැබිච්ච ලොකුම පුනරුදය ලැබිලා තියෙන්නේ කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත මහත්තයට. මේ තියෙන්නේ අලුතෙන් ලැබුණු මේ පුනරුදයේ ප්‍රතිඵලය.
පහුගිය වත්කම් බැරකම් ප්‍රකාශනයේ මේ ගෙදර සහ ඉඩම සඳහන් කර නෑ
සාමාන්‍යයෙන් මෙවැනි ගෙයක් හදන්න අඩුම ගාණේ මේ වගේ බිම් අඟලක් පර්ච් එකක් මිලියන 5 කට වඩා අධිකයි. ජාත්‍යන්තර පාසලට ගියත් කඩුවෙල තියන හොඳම location එකේ තමයි මේ සුපිරි නිවස ඉදි කරලා තියෙන්නේ. ඒ අනුව මේ දෙමහල් බංගලාව මාලිගාව අඩුම ගාණේ මේක හදන්න ලක්ෂ දාහකට වැඩියි. එවැනි දැවැන්ත මුදලක් ලාල් කාන්ත මහත්තයා සතුව කොහේද තියෙන්නේ. ලාල් කාන්ත මහත්තයා පහුගිය වත්කම් බැරකම් ප්‍රකාශනයේ මේ ගෙදර මේ ඉඩම සඳහන් කරලා නෑ. එතකොට ලාල් කාන්ත මහත්තයා ගේ ප්‍රකාශයක් තියනවා එතුමා කියනවා මීට දශකයට කලින් මම ජ.වි.පෙ පූර්ණ කාලිනයෙක් විදිහට මට මගේ දරුවා ටියුෂන් යවාගන්න සල්ලි නෑ. මගේ නෝනා හම්බු කරන වැටුපෙන් නෝනයි දරුවයි නඩත්තු වුනාම මාව නඩත්තු කරන්න පක්ෂයෙන් කියලා. එතකොට ලාල් කාන්ත මහත්තයා මීට අවුරුදු 10 කට කලින් එතකොට එතුමා ඉස්සෙල්ලාම පාර්ලිමේන්තුවට යනකොට එතුමා ම කියනවා වත්කම් බැරකම්වල ලියන්න දෙයක් නෑ කියලා. එහෙම කියපු ලාල් කාන්ත මහත්තයට තියනවා කෝටි 47 ක වත්කම්. ඊට අමතරව මේ කෝටි 10 ට වඩා වටින ඉඩම ගැන සඳහන් කරලා නෑ. මේ එතුමා සඳහන් කරපුවා විතරයි. අපි දන් නෑ තව කොච්චර වත්කම් එතුමා සතුව තියනවද කියලා. ඒ නිසා ලාල් කාන්ත මහත්තයා කියන්න උත්සාහ කළා මේවා දෙමව්පියන්ගෙන් ලැබුණා කියාලා.
ලාල් කාන්ත කියන්නේ ලංකාවේ අංක එකේ බිලියනපතියෙක්
අනුරාධපුරයේ මිනිස්සු දන්නවා ලාල් කාන්ත කවුද කියලා. දන්නෝ දනිති. ඒ හින්දා ලාල් කාන්ත මහත්තයෝ ව්‍යාජ තොරතුරු සමාජයට ප්‍රකාශ කරන්න කලින් අපි කියනවා කරුණාකරලා මේ අවුරුදු දෙක තුළ මෙවැනි ධනස්කන්ධයක් හම්බු කරපු මේ ලාල් කාන්ත මහත්තයගේ ධනය සම්බන්ධයෙන් මේ දේපළ සම්බන්ධයෙන් වහාම අනිවාර්යයෙන්ම පරීක්ෂණයක් කරන්න කියලා. ලාල් කාන්ත ගේ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් කරන්න ඕනේ. මේ තියෙන්නේ වැව් තාවුල තියන හෝටල් කඩනවා කියලා බිය වද්දලා ගත්ත සල්ලි මේ අර වෘත්තිය සමිති නායකයෙක් වෙලා ඉන්න කාලේ ඒ වෘත්තිය සටන් පාවා දීලා ගත්තු සල්ලි මේ අර අක්කර ගාණක ඉඩම් ව්‍යාපාරිකයන්ට වගා කටයුතු කරන්න දීලා ගත්ත සල්ලි ඒ නිසා ලාල් කාන්ත මහත්තයෝ කරුණාකරලා ඉල්ලා අස් වෙලා කරුණාකරලා රටට කියන්න මේ මුදල් කොහොමද ඉපැවුයේ කියලා. ලාල් කාන්ත කියන්නේ දේශපාලනඥයෙක් නෙවෙයි තව දුරටත් සමාජවාදියෙක් නෙවෙයි, කම්කරු නායකයෙක් නෙවෙයි, විප්ලවවාදියෙක් නෙවෙයි ලාල් කාන්ත කියන්නේ ලංකාවේ අංක එකේ බිලියනපතියෙක්. මේ යන වේගේට ලාල් කාන්ත දේපළ වත්කම් රැස් කලොත් 2029 වෙනකොට ලංකාවේ අංක එකේ බිලියනපතියා ඉෂාර නානායක්කාරවත්, ධම්මික පෙරේරාවත්, අශෝක පතිරහේවාවත් නෙවෙයි. කේ.ඩී ලාල් කාන්ත කියලා මතක තියාගන්න. හැබැයි එච්චර කාලයක් මේ ආණ්ඩුව තියෙන්නේ නෑ. තව වෙසක් පෝයක් වත් ඉවර වෙනකන් මේ ආණ්ඩුව තියෙන්නේ නෑ.
දියුණුවේ රහස නම් ලාල් කාන්ත තමයි
මේ දූෂිත මේ වංචනික ආණ්ඩුව පලවා හරින්න අපි සියලුම දේවල් කරන නිසා ලාල් කාන්ත මහත්තයට කියන්නේ ඉල්ලා අස් නොවුණොත් අද ආපු අපි මෙතනින් යන්නේ නෑ. අපි අද මෙතන ලාල් ගෝ ගම හදනවා කියන පණිවිඩය අපි ලාල් කාන්තට කියනවා. මුළු ජීවිත කාලේම සරල ජීවිතයක් ගත කරපු මේ ජීවිත කාලේම ජ.වි.පෙ පූර්ණ කාලීන කාඩර්වරයෙක් වෙච්ච දවසක්වත් රස්සාවක් නොකරපු එක දවසකටවත් කොහේවත් ව්‍යාපාරයක් නොකරපු ලාල් කාන්ත මෙතරම් ධනයක් එකතු කළේ කොහොමද කියන එක. ඒ නිසා අපි මේ ආවේ ටියුෂන් ගන්න ඔබතුමා ගෙන්. මෙතන ඉන්න බහුතරය ව්‍යාපාරිකයෝ. ව්‍යවසායකයෝ. මෙවැනි ධනයක් උපයන්නේ කොහොමද කියලා. ඉතින් දියුණුවේ රහස නම් ලාල් කාන්ත තමයි. අපේ දරුවන්ට අපිට කියන්න වෙලා තියෙන්නේ ලාල්ගේ මට්ටමට වත් දියුණු වෙන්න කියලා. අද පොලිසිීය බාවිතා කරලා ඔබ තුමාගේ මේ සුපිරි මන්දිරය ආරක්ෂා කරාට ඔබතුමා මේ මුදල් ඉපයුවේ වංචනිකව. අපිට තොරතුරු ලැබිලා තියෙනවා මේ වනවිට ජවිපෙන් පාර්ලිමේන්තුවට ආපු නායකයින් 38 දෙනෙක් තමන්ගේ ගෙවල් හදන්න පටන් අරගෙන කියලා. පොලිස්පතිතුමනි, ඒ් ගෙවල් 38 ටත් ආරක්ෂාව දෙන්න සුදානම් වෙන්න. නව ජනතා පෙරමුණ අපි ඒනවා ඒ් ගෙවල් වල පිරිසත් හමුවෙන්න.හැබැයි වැඩි ඈතක් නෑ 76 වසරක සාපේ ඉවර කරන්න ආපු මාලිමා ආණ්ඩුවට රටේ ජනතාව පිළිතුරු දෙන්න.''
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
