පරිගණක පද්ධතියේ ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ සියලු සේවාවන් අද (20) සිට යළි ආරම්භ කර තිබේ.
පසුගිය අප්‍රේල් 17 වනදා මධ්‍යම පරිගණක පද්ධතියේ ඇති වූ හදිසි බිඳවැටීමක් හේතුවෙන් ප්‍රධාන කාර්යාලයේ මෙන්ම ප්‍රාදේශීය කාර්යාලවලද කටයුතු පවත්වාගෙන යාමට බාධා එල්ල විය. මේ හේතුවෙන් එක්දින සේවාව ඇතුළු මහජන සේවාවන් රැසක් තාවකාලිකව අත්හිටුවීමට බලධාරීන් පියවර ගෙන තිබුණි.
දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ අත්හිටුවා තිබූ කාලය තුළ සේවා ලබා ගැනීමට නොහැකි වූ පුද්ගලයින්ට දැන් සාමාන්‍ය පරිදි සිය අවශ්‍යතා ඉටු කර ගැනීමට හැකියාව පවතින බවයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
