Image

පාස්කු ප්‍රහාරයට අදට වසර හතක්;  මිය ගිය අයට සැනසීම ලැබේවා...! - සුගීෂ්වර බණ්ඩාර

පාස්කු ප්‍රහාරයට අදට වසර හතක්;  මිය ගිය අයට සැනසීම ලැබේවා...! - සුගීෂ්වර බණ්ඩාර

287දෙනකුට ජීවිත අහිමි වූ පාස්කු ප්‍රහාරයට අදට වසර හතක්  ගතවන බවත් මිය ගිය අයට සැනසීම ප්‍රාර්ථනා කරන බවත් නව ජනතා පෙරමුණ නායක සුගීශ්වර බණ්ඩාර පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ අද (21) පැවති මාධ්‍ය හමුවේ දී ය.

එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ සුගීෂ්වර බණ්ඩාර...

කාදිනල් ගේ බලාපොරොත්තු බිඳ දැම්මා

මාලිමා ආණ්ඩුව බලයට එන්න කලින් දුන් ප්‍රධාන පොරොන්දුව තමයි පාස්කු මහ මොළකරු රටට හෙළි කරනවා කියලා. ආනන්ද විජයපාල කිව්වා පිල්ලෙයාන්ගේ කටින් මහ මහ මොළකරු ගත්තම සියලු දෙනාට ප්‍රශ්නයක් වෙයි කියලා. පිල්ලයාන් අධිකරණයට දැම්මට කිසිම තැනක පාස්කු ගැන කිව්වේ නෑ. අතේ පැළවෙන බොරු කිව්වේ රටේ නායකයා. අනුර ජනාධිපති කිව්වා 2025 අප්‍රේල්  21 පාස්කු මහා මොළකරු රටට එළි කරනවා කියලා. මොකක්ද කරේ...? පාස්කු කොමිසම් වාර්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැම්මා. ඒක ලොකු දෙයක් නෙවේ. ගෝඨාභය කාලෙත් දුන්නා. කාදිනල් ගේ බලාපොරොත්තු බිඳ දැම්මා. මේ අප්‍රේල් වෙද්දිවත් මහ මොළකරු රටට හෙළි කරාවි කියල බලාගෙන හිටියා. ඒත් නෑ. ජනක් ද සිල්වා වාර්තාවේ නිර්දේශ කරපු දේවත් මේ වන විට ක්‍රියාත්මක කරන්න. ආණ්ඩුව ඇයි ඒක නොකරන්නේ

කාදිනල් රැවටුණේ මෙහෙමයි

ඒ වාර්තාවේ ඉන්නේ රවී සෙනෙවිරත්න, සානි අබේ සේකර  සහ මාලිමාවේ රණවිරුවන්ට නඩු දාන්න ඕනි. මෙයාලට හරිනම් නඩු දාන්න ඕනි. ඒක කරන්නෙ නෑ. රවි සානි පත් කරේ කව්ද ඒ තනතුරුවලට...? මම අහනවා කදිනල්ගෙන් 2024 නොවැම්බර් 24 ගොටාබය යනවා කාදිනල් හම්බ වෙන්න. අහනවා කාදිනල් ගෙ ජනක්ද සිල්වා වාර්තාව ගැන මොකද්ද අදහස. නෑ මට මේ කොමිසම විශ්වායි කියලා. සාක්ෂි විමසේමේ දි කාදිනල්ගෙ විශේෂ නියෝජිතයෙක් මේකට සම්බන්ධ වුණා. ශමල් පෙරේරා. මේ වාර්තාව කොමිසම් සභාව විසින් ගොටාභයට පිළිගැන්නුවට පස්සේ පළමුව දුන්නෙ කාදිනල්ට; කතෝලික සභාවට; ඒ වෙලාවේ කිව්වා අපිට විශ්වායි මේ වාර්තාව ගැන. ඊට පස්සේ ආවේ මහ මොළකරු. කාදිනල් ඒකට රැවටුණා.

අනුර, කාදිනල් ගොනාට අන්දන්න හදන්න එපා

අනුර ඕනි බොරුවක් කියනවා රෑට එක බොරුවක් උදේට එක බොරුවක්. කාදිනල් ස්ථාවරය වෙනස් කරේ. බලපෑමක් නොකරන්නෙ ඇයි...? ජනක්ද සිල්වා වාර්තාව ක්‍රියාත්මක කරන්න කියලා. අපි මේ රජයෙන් ඉල්ලනවා ජනක්ද සිල්වා වාර්තාව ඇතුළු වාර්තා පහක් රජයට දීලා තියෙනවා මේ වාර්තා පහ නීතිපති දෙපාර්තමේන්තුව යවන්න. මහ මොළකරු කියලා දේශපාලන පළිගැනීම් ගන්න හදන්න එපා. මේ රටේ මහජනතාවගේ සල්ලි කොමිසම් සභාවලට වියදම් කරේ. අනුරට කියනවා කාදිනල් ගොනාට අන්දන්න හදන්න එපා. අනුර ජයසේකර ඉවත් කරන්න ඕන කියලා කාදිනල් කියනවා ඔය වාර්තා පහේම අනුර ජයසේකරගෙ නම නෑ. සලේ අපිට නිදහස් කරගන්න පුළුවන්. සලේ වෙනුවෙන් අත්සන් කර පෙත්සම මැයි 18 රණවිරු දිනේට අපි ආණ්ඩුවට ලබා දෙනවා; ඒ පෙත්සම අත්සන් ලක්ෂයකට වඩා තියෙනවා.

කාලය මරන්න එපා කොමසම් සභා දාල. කැත කුමාරලා දෙන්නා සුදු කුමාර කරන්න හදන්නෙ. අපේ ආණ්ඩුවක අපි තෙල් මිලට එරෙහිව පෙනී ඉන්නවා. ඩීසල් 700 පනීවී. ඒ පක්ෂය එකවුන්ට් තර කර ගන්න අනුර කුමාර අගමැති කැබිනට් එකත් අස්වෙන්න ඕනි. බාරකාර ආණ්ඩුවක් පත් කරන්න. තාවකාලිකව ජනාධිපති ඉල්ලා අස්වෙන්න.''

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න