මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5 ක මුදල් පරිගණක හැකර් කෙනෙකු අතට පත් වී තියේදැයි පාර්ලිමෙන්තුව හරහා විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලා free lawyers සංවිධානය කතානායක වෙත ලිපියක් භාර දී ඇත.
මතු පළවන්නේ එම සම්පූර්ණ ලිපිය යි.
2026 අප්‍රේල් 22
ගරු කතානානයකතුමා,
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව,
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ,
කෝට්ටේ.
ගරු කතානායකතුමනි,
මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5 ක මුදල් පරිගණක හැකර් කෙනෙකු අතට පත් වී තිබේදැයි පාර්ලිමේන්තුව හරහා විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලීමයි.
ශ්‍රී ලංකා රජය 2025 සැප්තෑම්බර් මස අග වන විට ඩොලර් මිලියන 22.9 ක ණය මුදලක් ගෙවීමට තිබු රටකට, ණය පියවීමක් ලෙස ඉන් කොටසක් එනම්, ඩොලර් මිලියන 2.5 ක මුදලක්, මහා භාණ්ඩාගාරය විසින් 2005 දෙසැම්බර් සිට 2026 ජනවාරි 31 දක්වා කාලය තුල විසින් පියවා ඇත. එම මුදල් අදාළ ණයකරු (රට) වෙත නොව, පරිගණක හැකර් කෙනෙකු (හෝ තුන්වන පාර්ශවයකට) වෙත හෝ යොමු කර ඇති බව දැනගන්නට ඇත.
දැන්, මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ‘තාක්ෂණික විමර්ශන කමිටුවක්’ 2026.03.24 ක් හෝ ඒ ආසන්නයේ පත් කර ඇත. මේ වන විටත් සිද්ධිය සම්බන්ධයෙන් භාණ්ඩාගාර නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු, අධ්‍යක්ෂකවරුන් දෙදෙනෙකු හා පරිගණක අංශයේ ප්‍රධානියෙකු ගේ වැඩ තහනම් කර ඇත.
ඔබතුමන් දන්නා පරිදි, මෑතක් වන තුරුම විදේශ ණය, වාරික සහ පොලිය නැවත ගෙවීම් කටයුතු සිදු කරනු ලැබූයේ ශ්‍රී ලංකා මහ බැංකුව විසිනි. නව මුදල් පනත සම්මත වීමෙන් පසුව එම වගකීම විදේශ සම්පත් දෙපාර්තමේන්තුව හා රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය වෙත පැවරුණි. ඒ අනුව මෙම ගෙවීම සම්බන්ධයෙන් ලේඛන සකස් කර ඇත්තේ ද, ගෙවීම් සිදු කර ඇත්තේ එම ආයතන විසිනි.
ඩොලර් මිලියන 2.5 ක ගෙවීම් සිදු කිරීමට නියෝජ්‍ය භාණ්ඩගාර ලේකම්වරයෙකුට, ගණකාධිකාරිවරියට හා පරිගණ අංශයේ නිලධාරියෙකුට පමණක් හැකියාව නැත. ඒ සඳහා අනිවාර්යයෙන්ම නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් (DST) සහ භාණ්ඩාගාර ලේකම්වරයා ද සම්බන්ධ විය යුතුය.
රාජ්‍ය මුල්‍ය සම්බන්ධයෙන් අවසන් වගකීම පැවරෙන්නේ පාර්ලිමේන්තුව වෙත ය. දැනට මෙම විමර්ශනය සිදු කරමින් ඇත්තේ ණය ගෙවීම පිළිබඳ අවසන් වගකීම දරණ අතිරේක භාණ්ඩාගාර ලේකම්වරයෙකු යටතේය. ඔහු මෙම විමර්ශනය කරන අතරම තවදුරටත් අදාල දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් කටයුතු මෙහෙයවයි.
මහා භාණ්ඩාගාරය සම්බන්ධයෙන් වන වගකීම දරණ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා ද වන බැවින් මේ පිළිබඳව වන විමර්ශනය මුදල් අමාත්‍යාංශ/භාණ්ඩාගාරයෙන් පරිබාහිර කණ්ඩායම් විසින් සිදු කළ යුතුව ඇති බව අපගේ විශ්වාසයයි.
එබැවින්, රාජ්‍ය මුල්‍ය වගකීම දරණ පාර්ලිමේන්තුව විසින් සුදුසු ක්‍රමවේදයක් හරහා මෙම සිද්ධිය පිළිබඳ පූර්ණ විමර්ශනයක් සිදු කිරීමට සුදුසු පියවර ගන්නා ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි.
මෙයට විශ්වාසී,
ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න
සභාපති / ෆී ලෝයර්ස් සංවිධානය
පිටපත්
1. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළුම දේශපාලන පක්ෂ නායකවරුන්/මහලේකම්වරු
2. පාර්ලිමේන්තු මුදල් කාරක සභාව
3. විගණකාධිපති, ජාතික විගණන කොමිෂන් සභාව
4. පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා - සභාපති, පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් පිළිබඳ කමිටුව

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
