Image

වෙසක් සතිය ප්‍රකාශයට පත් කෙරේ

වෙසක් සතිය ප්‍රකාශයට පත් කෙරේ

ශ්‍රී සම්බුදු තෙමගුල සිහි කරමින් පැවැත්වෙන වෙසක් පුණ්‍යමහෝත්සවය මුල්කරගෙන 2026 මැයි 27වැනිදා සිට ජුනි 02වැනිදා දක්වා වෙසක් සතිය වශයෙන් 2026.03.30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය මගින් ප්‍රකාශයට පත්කර ඇති බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් නිවේදනය කරයි.

සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ මඟ පෙන්වීම අනුව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය හා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළු රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනවල සහාය ඇතිව වෙසක් උත්සවය උත්කර්ෂවත් අයුරින් දිවයින පුරා පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

වෙසක් සතිය මැයි මස 27 වැනිදා සිට ජුනි මස 02 වැනිදා දක්වා සැමරීමට රජය තීරණය කර ඇත.

රාජ්‍ය වෙසක් මහෝත්සවය මැයි මස 27වැනිදා මාතර තිහගොඩ මිදෙල්ලවල පුරාණ විහාරස්ථානයේදී පැවැත්වේ.

රාජ්‍ය වෙසක් උත්සවය හා ඊට සමගාමීව දිවයින පුරා පවත්වනු ලබන වෙසක් සමාරම්භක වැඩසටහන් (මැයි 27), සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් තේමාව යටතේ වැඩසටහන් පැවැත්වීම ( මැයි 28), සාරධර්ම ප්‍රවර්ධන වැඩසටහන්(මැයි 29) සීල භාවනා පින්කම්(මැයි 30) භික්ෂු හා සිල් මාතා පුහුණු වැඩසටහන්(මැයි31) ආගමික සංවර්ධන වැඩසටහන( ජුනි 1)සහ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව පරිසර සංරක්ෂණ වැඩසටහන් හා ශ්‍රමදාන ( ජුනි මස2) වෙසක් සතියේදී ක්‍රියාත්මක කෙරෙන බව අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.

 

|dinamina

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න