Image

සතොස ලොරි රථ අවභාවිතය: ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු පිරිසට ඇප

සතොස ලොරි රථ අවභාවිතය: ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු පිරිසට ඇප

ලංකා සතොස ආයතනයට අයත් ලොරි රථයක් අවභාවිත කළ බවට වන චෝදනාවට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු සැකකරුවන් ඇප මත මුදා හැරීමට වත්තල මහේස්ත්‍රාත් අධිකරණය අද (24) නියෝග කළේය.

අදාළ නඩුව අද දින වත්තල මහේස්ත්‍රාත් කාංචනා එන්. සිල්වා ඉදිරියේ කැඳවූ අවස්ථාවේ දී මෙම නියෝගය නිකුත් කර ඇත.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය, හිටපු අමාත්‍යවරයා ඇතුළු සැකකරුවන් රුපියල් 25,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප හතරක් වූ ඇප කොන්දේසි මත මුදා හැරීමට නියෝග කළා ය

ලංකා සතොස ආයතනයේ ලොරි රථයක් නිසි අවසරයකින් තොරව අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) මගින් දීර්ඝ විමර්ශනයක් පවත්වා තිබුණි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු , ජොහාන් ප්‍රනාන්දු, ජෙරම් ප්‍රනාන්දු සතොස ආයතනයේ හිටපු ප්‍රවාහන කළමනාකාරවරයකු ඇතුළු සැකකරුවන් පස්දෙනකුට එරෙහිව නඩු පවරා ඇත.

සැකකරුවන්ට එරෙහිව එල්ල වී ඇති ප්‍රධාන චෝදනාව වන්නේ රජයේ දේපළක් වන සතොස ආයතනයට අයත් වාහනයක් පෞද්ගලික දේශපාලන කටයුතු හෝ වෙනත් බාහිර අවශ්‍යතා සඳහා නීති විරෝධී ලෙස යොදා ගැනීම යි.

අධිකරණය හමුවේ කරුණු දැක්වූ නීතිඥවරුන් ප්‍රකාශ කර සිටියේ තම සේවාදායකයින් අදාළ විමර්ශන සඳහා පූර්ණ සහයෝගය ලබා දෙන බවයි. වැඩිදුර විමර්ශන වාර්තා මීළඟ නඩු වාරයේ දී ඉදිරිපත් කරන ලෙස ද අධිකරණය පොලිසියට නියෝග කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න