Image

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා අත්අඩංගුවට

ගිනිඅවියක් පෙන්වා සාපරාධී බලහත්කාරය පෑම සහ අයුතු ලෙස ඇතුළුවීම යන චෝදනා මත පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා අද (27) උදෑසන ඉලවාලෙයි පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් වාර්තාවලට අනුව, මෙම අත්අඩංගුවට ගැනීම සිදු වූයේ පසුගිය 25 වැනිදා යාපනය පෙරියවිලාන් ප්‍රදේශයේදී සිදු වූ බව කියන සිදුවීමක් සම්බන්ධයෙනි. එහිදී ඉඩම් ආරවුලක් මුල් කරගනිමින් මන්ත්‍රීවරයා ගිනිඅවියක් පෙන්වා කාන්තාවකට තර්ජනය කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.

අදාළ ඉඩමේ අයිතිය සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා සහ කාන්තාවක් අතර මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් පවතින අතර දෙපාර්ශවයම එහි අයිතිය තමන් සතු බව පවසා තිබේ.

පසුගිය 25 වැනිදා මන්ත්‍රීවරයා අදාළ ඉඩම පිරිසිදු කරමින් සිටියදී එහි පැමිණි කාන්තාවන් දෙදෙනෙකු සමඟ බහින්බස්වීමක් හටගෙන ඇති අතර, එය දුරදිග යාමෙන් මන්ත්‍රීවරයා ගිනිඅවියක් අතැතිව තර්ජනය කර ඇති බව සඳහන් වේ.

වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී මිනුර සෙනරත් ප්‍රකාශ කළේ සැකකාර මන්ත්‍රීවරයා අද දින මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

යාපනය ප්‍රදේශයේ ඉඩම් අයිතිය පිළිබඳ පවතින සංවේදී වාතාවරණයක් මධ්‍යයේ ජනතා නියෝජිතයකු මෙලෙස නීතිය අතට ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ ද දැඩි කතාබහක් නිර්මාණය වී ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න