Image

පසුගිය මාර්තු 27වෙනි දා සිට රජයේ රෝහල්වල පෙට් ස්කෑන් - PET Scan පරීක්ෂණ සේවාව සම්පූර්ණයෙන් ම අඩාළයි

පසුගිය මාර්තු 27වෙනි දා සිට රජයේ රෝහල්වල පෙට් ස්කෑන් - PET Scan පරීක්ෂණ සේවාව සම්පූර්ණයෙන් ම අඩාළයි

පිළිකා රෝගීන්ට සිදුකරන පෙට් ස්කෑන් පරීක්ෂණ මාර්තු 27 වෙනිදා සිට මහරගම අපේක්ෂා රෝහලේ සහ කොළඹ ජාතික රෝහල යන රජයේ රෝහල් තුළ නවතා දමා ඇත.

එයට හේතු වී ඇත්තේ පෙට් ස්කෑන් පරීක්‍ෂණ සිදු කිරීමට භාවිත කරන FDG - Fluorodeoxyglucose නැමැති විකිරණශීලී රසායනිකය නොමැති වීමයි. එම විකිරණශීලී රසායනිකය ඉන්දියාවෙන් ගෙන ඒම සිදුකළ අතර දැනට සැපයුම සිදු කරන සැපයුම්කරුට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) ලියාපදිංචිය යාවත්කාලීන කිරීම මේ වන තෙක් සිදු කර නොමැත.

මෙතෙක් කාලයක් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සැපයුම ලියාපදිංචි කරන කාණ්ඩය වෙනස් කර ඖෂධ කාණ්ඩය යටතේ ලියාපදිංචි කරන ලෙස අදාළ සමාගමට ඖෂධ නියාමන අධිකාරිය මගින් දැනුම් දී ඇති අතර ඒ අනුව අදාළ සමාගම ඔවුන් ගේ කලින් ලියාපදිංචිය අවසන් වන මාර්තු 27වන දා ම අධිකාරියේ අදාළ කොන්දේසිවලට අනුව ඉල්ලුම් කර ඇතත් මේ වනතෙක් එම ලියාපදිංචිය ලබාදීම සිදු කර නොමැත. මෙම හේතුව නිසාවෙන් කිසිදු සමාගමකට ලංකාවට FDG නැමැති පෙට්පෙට් ස්කෑන් සිදුකරන විකිරණශීලී රසායනික ද්‍රව්‍ය රැගෙන ඒමට හැකියාවක් ලැබී නොමැත.

දැනට ලංකාවේ මහරගම අපේක්‍ෂා රෝහල සහ ශ්‍රී ලංකා ජාතික රෝහල කොළඹ යන රජයේ රෝහල් දෙකෙහි පමණක් පෙට් ස්කෑන් (PET scan) පරීක්ෂණය සිදුකරන අතර මේ වන විට මාස 04 කට වැඩි පොරොත්තු ලේඛනයක් මෙම පරීක්‍ෂණය සිදු කර ගැනීම සඳහා පවතී. පුද්ගලික රෝහල්වලින් මෙම පරීක්ෂණය සිදු කර ගැනීම සඳහා රුපියල් ලක්ෂ 3කට වැඩි මුදලක් වැය කළ යුතු වී ඇත. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචිය නොමැති වීම හේතුවෙන් මෙම රසායනික ද්‍රව්‍ය ලංකාවට සැපයීම සිදුනොවන අතර ඒ නිසා පුද්ගලික අංශයෙන් ද මේ වන විට පරීක්‍ෂණය සිදු කර ගැනීමේ හැකියාවක් නොමැත.

පෙට් ස්කෑන් පරීක්ෂණය මගින්:

1. පිළිකා සෛල නිවැරදිව හඳුනා ගැනීම සහ එහි ක්‍රියාකාරීත්වය හඳුනා ගැනීම

2. පිළිකා සෛල පැතිරී ඇති ප්‍රමාණය නිශ්චිතව හඳුනා ගැනීම

3. පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව පිලිකා සෛල සාර්ථකව විනාශවී ද යන්න තහවුරු කර ගැනීම.

නිවැරදිව සිදු කළ හැකි ය. ඒ අනුව විශේෂයෙන් ම පිළිකා රෝගීන්ට මෙම පරීක්ෂණය ඉතා වැදගත් අත්‍යවශ්‍ය පරීක්ෂණයක් වී ඇත.

මෙම ගැටලුව විසඳීම සඳහා සෞඛ්‍ය බලධාරීන්ට කඩිනමින් මැදිහත් වන ලෙස රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය ඉල්ලා සිටී.

චානක ධර්මවික්‍රම - සභාපති, රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න