සිංගප්පූරු ගිවිසුමට විවාදයක් : මලික්ගෙන් අනුනාමිහිට සංදේශයක්

සිංගප්පූරු ගිවිසුමට විවාදයක් : මලික්ගෙන් අනුනාමිහිට සංදේශයක්

ශ්‍රී ලංකා රාජ්‍ය හා සිංගප්පූරු රජය අතර අත්සන් කෙරුණු වෙළඳ ගිවිසුම පිළිබඳ දි‍නෙක විවාදයක් දෙන්නැයි ඒකාබද්ධ විපක්ෂයේ  නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා කතානායක කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.

මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ සහකාර මහ ලේකම් තුෂාණි රෝහණධීර මහත්මියගෙන් කළ විමසුමකදී  ඇය සඳහන් කළේ දිනේෂ් ගුණවර්ධන මහතා මේ ඉල්ලීම් ලිඛිතව කර තිබෙන බවයි.

විවාදය බොහෝ දුරට ලබන 18 වැනි දා පැවැත්වෙන ඇතැයි ද රෝහණධීර මහත්මිය පැවසුවාය.

ශ්‍රී ලංකා - සිංගප්පූරු ගිවිසුමේ තොරතුරු කිසිවක් මෙතෙක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නැතැයි ඒකාබද්ධ විපක්ෂය පසුගියදා රජයට චෝදනා කළේය. 

සංදේශය

මේ අතර, අස්ගිරිපාර්ශවයේ අනු නාහිමි ආණමඩුවේ ධම්මදස්සි හිමියන්ට මේ ගිවිසුම සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කරමින් සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා ලිපියක් යොමුකර තිබේ.

අදාළ, ලිපිය මගින් අමාත්‍යවරයා මේ ගිවිසුම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය ඇතුළු පිරිසක් විසින් ඉදිරිපත් කරනු ලබන ප්‍රධාන චෝදනා කිහිපයකට පිළිතුරු ලබාදී ඇත.
රහස් ලියවිල්ලක් ද ?

මෙම වෙළඳ ගිවිසුම  අමාත්‍ය මණ්ඩල අනුමැතියට  2017/12/22 වැනිදා ඉදිරිපත් කළ බවත්, එසේම එය 2018 ජනවාරි 02 හා ජනවාරි 09 දිනවලදී අමාත්‍යවරුන්ගේ සාකච්ඡාවට ලක්වූ බවත් එහි දක්වා තිබේ.

නීතිපතිවරයාගේ නිරීක්ෂණය ලබා ගැනීමෙන් පසු ගිවිසුමේ අවසන් කෙටුම්පත  2018 ජනවාරි 16 දා අමාත්‍ය මණඩලය වෙත ඉදිරිපත් කර එය අත්සන් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගත් බවයි.

ලංකාවට වෙළඳ ප්‍රතිපත්තියක් තියෙනවා

ලංකාවට වෙළඳ ප්‍රතිපත්තියක් නොමැති බවට පලව ඇත්තේ දුර්මතයන් බවත්, 2017 -08-01 දින කැබිනට් අනුමැතියක් සහිතව නව වෙළඳ ප්‍රතිපත්තියක් සම්මත කර ඇති බවද මලික් අමාත්‍යවරයා කියා සිටී.

එම ප්‍රතිපත්තිය සැකසන ලද්දේ වසරකට ආසන්න කාලයක් ජාත්‍යන්තර වෙළඳාමට අදාල සියලු රාජ්‍ය ආයතන, කර්මාන්ත සංගම් හා වානිජ මණ්ඩලවල අදහස් ලබා ගනිමින් ජනාධිපති ආර්ථික උපදේශක ආචාර්ය සරත් රාජපතිරාජ මහතාගේ මූලිකත්වයෙන් යුතු කමිටුවක් සිදු කළ කෙටුම්පත් ගණනාවක් සැකසීමෙන් පසුව බවද සඳහන් වේ.

සිංගප්පූරුට මෙහෙන් රැකියා නෑ !

පුද්ගල සේවා සැපයීමට සිංගප්පූරු මිනිස් බල සමාගම් පිහිටුවන බවට බවත්, එම අවස්ථාවෙන් ගෘහ සේවාකිවන් , පෙදරේරු හා කම්කරු රැකියා ලබා ගැනීමට හැකිවන බවට එල්ලවී ඇති චෝදනාද ඔහු තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.

ගිවිසුම අවශ්‍ය නම් අවලංගු කළ හැකියි !

මේ ගිවිසුම වෙනස් නොකළ හැකි එකක් බවට පලව ඇති චෝදනාද ප්‍රතික්ෂේප කර ඇති අමාත්‍යවරයා අවශ්‍ය නම් ගිවිසුම අත්සන් කිරීමෙන් වසරක් තුළ දෙපාර්ශවය සාකච්ඡා කර තීන්දු තීරණ ගත හැකි බවද කියා සිටී. එසේම දෙපාර්ශවයෙන් ඕනෑම පාර්ශවයකට  මාස 12ක දැනුම්දීමකින් පසුව සම්පූණයෙන් අවලංගු කළ හැකි වේ.

සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා අස්ගිරිපාර්ශවයේ අනු නාහිමි ආණමඩුවේ ධම්මදස්සි හිමියන්ට යැවූ ලිපිය පහත දැක්වේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න