2025 අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත පදනම්ව, 2025/2026 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් භාරගැනීම අද (අප්‍රේල් 28) සිට ආරම්භ වන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නිවේදනය කරයි.
සිසුන්ට තම අයදුම්පත් එළඹෙන මැයි මස 19 වනදා දක්වා ඉදිරිපත් කළ හැකි ය.
මෙවර විශ්වවිද්‍යාල ප්‍රවේශ සුදුසුකම් අපේක්ෂකයින් 176,527ක් (මුළු සංඛ්‍යාවෙන් 62.64%ක්) සරසවි වරම් ලබා ගැනීමට සමත්ව ඇත.
මාර්තු 31 වනදා රාත්‍රියේ නිකුත් කෙරුණු මෙම ප්‍රතිඵල මත පදනම්ව, සුදුසුකම් ලැබූ සිසුන්ට නියමිත දිනට පෙර මාර්ගගත ක්‍රමය (Online) ඔස්සේ අයදුම්පත් යොමු කරන ලෙස ප්‍රතිපාදන කොමිෂන් සභාව වැඩිදුරටත් දන්වා සිටියි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
