Image

මත් ද්‍රව්‍ය සිද්ධියට සම්බන්ධ භික්ෂූන්ට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන්න - කරු ජයසූරිය

මත් ද්‍රව්‍ය සිද්ධියට සම්බන්ධ භික්ෂූන්ට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන්න - කරු ජයසූරිය

ශ්‍රී ලංකා රාජ්‍යය ගොඩනැගීමේ ක්‍රියාවලියේ දී මූලික පාදම වූ සංස්කෘතික සහ සභ්‍යත්ව සාරධර්ම ඊට අවශෝෂණය කළ  අතිපූජනීය බෞද්ධ භික්ෂුන් වහන්සේලා ගේ ගෞරවයට සහ යහපැවැත්මට මුවා වෙමින් ක්‍රියා කළ පිරිසක් මෙවැනි නීතී විරෝධි ක්‍රියාවක නිරතවීම අතිශයෙන්ම බැරැරුම් තත්ත්වයක් බවත්,

ඒ පිළිබඳව ලැබී ඇති ජාත්‍යන්තර අවධානය සැලකීමේ දී රටට මහත් අපකීර්තියක් ගෙන දුන් සිදුවීමක් බැවින් මෙම පසුබිම තුළ තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරවීම අතිශයින්ම වැදගත් වන්නේ යැයි  සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ නායක ශ්‍රී ලංකාභිමාන්‍ය කරු ජයසූරිය සදහන් කරයි.

ඔහු මේ බව සඳහන් කරන්නේ පසුගිය දා විශාල මත් ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට පත් චීවරධාරීන් පිළිබඳ ගතයුතු පියවර සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමිනි.

මතු පළ වන්නේ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ නායක ශ්‍රී ලංකාභිමාන්‍ය කරු ජයසූරිය විසින් නිකුත් කරන ලද සම්පූර්ණ නිවේදනය යි.

Screenshot 2026 04 28 145459

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න