හම්බන්තොට වරාය චීනට : ඩොලර් මිලියන 7.6ක් මහින්දට !

හම්බන්තොට වරාය චීනට : ඩොලර් මිලියන 7.6ක් මහින්දට !

චීනය හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර සමීප සම්බන්ධතාවක් පැවති බවත්  2015 ජනාධිපතිවරණය ළංවීමත් සමගම හිටපු ජනාධිපතිගේ සමීපතම හිතවතුන් වෙත විශාල මුදල් ප්‍රමාණයක් ලබාදී ඇති බව  නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත අනාවරණය කර ඇත.

ඒ අනුව  ස්ටැන්ඩඩ් චාටඩ් බැංකුව සමග චයිනා හාබර් සමාගම පවත්වාගෙන ගිය ගිණුම තුළින් ඩොලර් මිලියන 7.6 ක මුදලක් හිටපු ජනාධිපති රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරය සඳහා වියදම් කිරීමට ඔහුගේ හිතවතුන්ට ගෙවා ඇත.

ජනාධිපතිවරණයට දින 10 කට පෙරත් : චීනයෙන් මහින්දට ඩොලර්  

නිව්යෝර්ක් ටයිම්ස් අනාවරණයට අනුව  මැතිවරණ දිනයට දින 10 කට පෙර චෙක්පත් තුළින් ඩොලර් මිලියන 3. 7 ක මුදලක් ගෙවා ඇති අතර ඒ  ප්‍රචාරක තොරතුරු ඇතුළත් බැනියම් සඳහා වැය කිරීමට ඩොලර් හයලක්ෂ හැත්තෑ අටදහසක් සහ  සාරි සහ වෙනත් ත්‍යාග සඳහා තවත් ඩොලර් දෙලක්ෂ අනුහත්දහසක් වශයෙන්ය.

ජන්දෙට කඩේ ගිය සාදුටත් : චීනාගෙන් ඩොලර් 38000ක් 

 එමෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරයට සහාය දැක් වූ ප්‍රසිද්ධ බෞද්ධ භික්ෂුන් වහන්සේ නමකට තවත් ඩොලර් 38000 ක ගෙවීමක් කර ඇති බව ද එම වාර්තාවේ සඳහන්ය.

 තවද  ඩොලර් මිලියන 1. 7 ක් වටිනා චෙක්පත් දෙකක් අරලියගහ මන්දිරයට යවා ඇති බව ද එම වාර්තාවේ සඳහන් කර ඇති අතර එම  ගෙවීම්වලින් වැඩි ප්‍රමාණයක්  චනියා හාබර් සමාගමට අයත් උපගිණුමක් වන එච්.පී.ඩී.පී ෆේස් ටු යන කෙටි නමින් හැඳින් වූ හම්බන්තොට වරාය ව්‍යෘපෘතිය අයත් ගිණුමකින් ගෙවා ඇති බවද සඳහන්ව ඇත.

දේශප්‍රේමී මහින්දගේ දේශද්‍රෝහී ණය  ?

අදාළ ගවේෂණ ලිපිය හරහා නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත  ඇත්තේ   හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩු සමයේ ඉඳි වූ හම්බන්තොට වරාය  ව්‍යාපෘතිය සඳහා පළමු ණය කොටස වූ ඩොලර් මිලියන 307 ක ණය මුදලක් ලබාගෙන ඇත්තේ චීන රජයේ එක්සිම් බැංකුව මගින් බවත්  එම ණය ලබාගැනීම සඳහා චීන රජයෙන් යෝජනා වූ චයිනා හාබර් සමාගමට වරාය ඉදිකිරීම සඳහා කොන්ත්‍රාත්තුව භාරදිය යුතු බවට චීන රජයෙන් කොන්දේසියක්ද  පනවා ඇති බවය.

ඒ පසුබිමේ 99 වර්ෂයක බද්දකට ලබා ගැනීමද  ණය උගුලු භාවිත කරමින් ලොවපුරා තමන්ගේ බලය තහවුරු කිරීමේ වෑයමට  කදිම නිදසුනක් වන බවද එහි වැඩිදුරටත් දක්වා ඇත.

ශ්‍රී ලංකාවේ, ඉන්දියාවේ, චීනයේ හා බටහිර නිලධාරීන් සමග මාස ගණනාවක් පුරා පැවති සම්මුඛ සාකච්ඡා තුළින් හා වරාය ව්‍යාපෘතියට අදාළ ගිවිසුම් හා ලිපි ලේඛන අධ්‍යනය කිරීමෙන් පසුව සම්පාදනය කළ මෙම ගවේෂණාත්මක පුවත්පත් වාර්තාව සකස් කර තිබේ.

 නිව්යෝර්ක් ටයිම්ස් වෙබ් අඩවියේ වාර්තාව 
001

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න