දේශපාලන පලිගැනීම් කමිටු නිර්දේශ මත ශී‍්‍ර ලංකා අධ්‍යාපන පරිපාලන සේවයට, ශී‍්‍ර ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයට හා ශී‍්‍ර ලංකා විදුහල්පති සේවයට පත්වීම් ලබාදීමට එරෙහිව 2018.07.04 එක් දින සංකේත වැඩ වර්ජනයක යෙදෙන බව ලංකා ගුරු සංගමය ඇතුළු අධ්‍යාපන සේවයට අයත් වෘත්තීය සමිති 12ක් නිවේදනය කර සිටියි.
අදාළ ගැටලුව සම්බන්ධව 2018.06.20 දින අධ්‍යාපන ලේකම්වරයාට ලිඛිතව සිදුකල දැනුම්දීම සම්බන්ධයෙන් කිසිදු සාධනීය ප‍්‍රතිචාරයක් මේ දක්වා ලැබී නොමැති බැවින් මෙම තීරණය ගනු ලැබූ බවද ඔවුන් දන්වා සිටියි.
ඒ අනුව අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන්, ගුරු අධ්‍යාපනඥ සේවයේ නිලධාරීන්, විදුහල්පති සේවයේ හා ගුරු සේවයේ නිලධාරීන් මෙම වැඩ වර්ජන කි‍්‍රයාමාර්ගයේ නිරත වන අතර මේ හේතුවෙන් අධ්‍යාපන පද්ධතිය අකර්මන්‍ය වීමෙන් ශිෂ්‍ය ප‍්‍රජාවට මෙන්ම මහජනතාවට සිදුවන පීඩනයේ වගකීම රජය භාරගත යුතු බව ද ඔවුන් දන්වා සිටියි.
එසේම මෙම වෘත්තීය කි‍්‍රයාමාර්ගය අධ්‍යාපන පද්ධතියේ යහපත වෙනුවෙන් ගන්නා කි‍්‍රයාමාර්ගයක් වන අතර, මෙසේ අවිධිමත්ව දේශපාලන හෙංචයියන්ට අධ්‍යාපන පද්ධතියේ පත්වීම ලබාදීම මත අධ්‍යාපන පද්ධතිය තවදුරටත් පිරිහීමට පත්වන බැවින් වහාම මෙම පත්වීම් ලබාදීම නතර කළ යුතු බවද ඔවුන් අවධාරණය කර සිටියි.
මේ සම්බන්ධව අධ්‍යාපනය සුරැකීමේ වෘත්තීය එකමුතුව නම් ලිපි ශීර්ෂයෙන් නිකුත් කළ නිවේදනයට පහත වෘත්තීය සමිති සහය පළකර ඇත.
1. ප‍්‍රභාත් විතානගේ - ලේකම් - ශී‍්‍ර ලංකා අධ්‍යාපන පරිපාලන සේවා වෘත්තීය සංගමය
2. ඩබ්ලිව් කරුණානායක - උප සභාපති - සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා වෘත්තීය සංගමය
3. ජෝසප් ස්ටාලින් - ප‍්‍රධාන ලේකම් - ලංකා ගුරු සංගමය
4. මහින්ද ජයසිංහ - ප‍්‍රධාන ලේකම් - ලංකා ගුරු සේවා සංගමය
5. පූජ්‍ය යල්වෙල පඤ්ඤාසේකර හිමි - ලේකම් - සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය
6. වසන්තා හඳපාන්ගොඩ - ශී‍්‍ර ලංකා පොදුජන ගුරු සංගමය
7. ජගත් ආනන්ද සිල්වා - ලේකම් - ස්වාධීන අධ්‍යාපන සේවක සංගමය
8. ඩබ්.ඞී. දයාරත්න - ලේකම් - පොදු ගුරු වෘත්තිකයන්ගේ සංගමය
9. මොහාන් පරාක‍්‍රම වීරසිංහ - සභාපති - ශී‍්‍ර ලංකා ජාතික විදුහල්පති සංගමය
10. එස්.යූ. කාරියවසම් - ලේකම් - ශ්‍රේණිධාරී විදුහල්පති සංගමය
11. ඞී.එම්. දිසානායක - ලේකම් - සමස්ත ලංකා විදුහල්පති සංගමය
12. මයුර සේනානායක - ප‍්‍රගති ගුරු සංගමය

