පැරණි බෝගම්බර බන්ධනාගාරය යළි බන්ධනාගාරකයක් ලෙස නම් කරමින්, අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කොට තිබෙනවා.
අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාරගේ අත්සනින් යුතුව මෙම නිවේදනය නිකුත් කොට ඇති අතර, බන්ධනාගාර ආඥා පනතේ 2 වන වගන්තියෙන් විෂයභාර අමාත්‍යවරයාට පැවරී ඇති බලතල අනුව මෙම නියමය ප්‍රකාශයට පත්කොට ඇති බව සඳහන්.
පසුගියදා, මීගමුව බන්ධනාගාරයේ ඇති වූ සිද්ධියෙන් පසුව එහි සිටි රැඳවියන් වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යැවුණු අතර, මෙලෙස නව බන්ධනාගාරක් පිහිටුවීම බන්ධනාගාරවල පවතින තදබදය අවම කිරීම සඳහා බලධාරීන් ගත් පියවරක් ලෙස පෙන්වා දිය හැකියි.
මේ අතර, පෙරේදා (07) ගාල්ල මහමෝදර ප්‍රදේශයේ ද නව බන්ධනාගාරයක් පිහිටුවීම අදාළව විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබුවා.
යළි පිහිටුවීමට නියමිත ඓතිහාසික බෝගම්බර බන්ධනාගාරය වසර 138 ක කාලයක් පුරා ක්‍රියාත්මකව පැවති අතර, පසුව එහි සිටි රැඳවියන් පල්ලේකැලේ දුම්බර බන්ධනාගාරය වෙත මාරු කර යැවීමෙන් අනතුරුව 2014 ජනවාරි මස 01 වන දින සිට එය වසා දමනු ලැබිණි.
අදාළ ගැසට් නිවේදනය පහළින්>>

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
