Image

බණ්ඩාරවෙල “Ali Firosa Teas” ආයතනයට රුපියල් දෙලක්ෂයක දඩයක්

බණ්ඩාරවෙල “Ali Firosa Teas” ආයතනයට රුපියල් දෙලක්ෂයක දඩයක්

පාරිභෝගිකයා නොමඟ යවන සහ රවටන සුළු අයුරින් කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍ය අලෙවි කරමින් සහ අත්‍යවශ්‍ය තොරතුරු ඇසුරුම්වල සඳහන් නොකරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතේ නීතිරීති සහ විධාන උල්ලංඝනය කරමින් කටයුතු කළ බණ්ඩාරවෙල, ධර්මවිජය පාරේ පිහිටි “Ali Firosa Teas ප්‍රයිවට් ලිමිටඩ්” (Ali Firosa Teas Pvt Ltd) ආයතනයට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ බදුල්ල දිස්ත්‍රික් විමර්ශන නිලධාරීන් විසින් බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබුණා.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් විසින් සිදුකළ විශේෂ වැටලීමකදී, විධාන අංක 85 කඩ කරමින් නිෂ්පාදිත/කල් ඉකුත් වන දින, උපරිම සිල්ලර මිල (MRP) ඇතුළු අත්‍යවශ්‍ය තොරතුරු සඳහන් නොකළ තේ කොළ ඇසුරුම් විකිණීම සඳහා ප්‍රදර්ශනය කර තිබීම, කල් ඉකුත් වූ තේ කොළ ඇසුරුම් තොගයක් පාරිභෝගිකයින්ට අලෙවි කිරීම සඳහා ඉදිරිපත් කර තිබීම, යන චෝදනා අනාවරණය වී තිබුණා.

අද දින (08) මෙම නඩුව කැඳවූ අවස්ථාවේ දී, ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අදාළ චෝදනාවලට වරද පිළිගත් Ali Firosa Teas ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයට රුපියල් 200,000 ක (ලක්ෂ දෙකක) දඩ මුදලක් නියම කරන ලදී.

පාරිභෝගිකයින් රවටමින් පාලන මිල ඉක්මවන, බාල ප්‍රමිතියේ හෝ කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍ය අලෙවි කරන වෙළෙඳුන් පිළිබඳව කාර්යාල වේලාවන් තුළ 1977 කෙටි ඇමතුම් අංකය ඔස්සේ වහාම පාරිභෝගික අධිකාරිය වෙත දැනුම් දෙන්න.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න