පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ සුරේෂ් සලේ ඉදිරිපත් කළ පෙත්සම වැඩිදුර කරුණු සලකා බැලීම මේ මස 17 වනදා දක්වා කල්තැබීමට අභියාචනාධිකරණය නියම කළා.
මෙම පෙත්සම අද කැඳවූ අවස්ථාවේ දී පෙත්සම්කාර සුරේෂ් සලේ වෙනුවෙන් වැඩිදුර කරුණු දැක්වීම් සිදු කළේ ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන ය.
ඉන් අනතුරුව වැඩිදුර පෙත්සම් සලකා බැලීම් ලබන 17 වනදා දක්වා කල් තැබීමට ද අධිකරණය නියම කළේ ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර
