Image

දකුණු චීන මුහුද සම්බන්ධ බේරුම්කරණ තීන්දුව පිළිබඳ චීනයෙන් දැඩි ස්ථාවරයක්

දකුණු චීන මුහුද සම්බන්ධ බේරුම්කරණ තීන්දුව පිළිබඳ චීනයෙන් දැඩි ස්ථාවරයක්

"දකුණු චීන මුහුදු බේරුම්කරණ තීන්දුව" නිකුත් කර වසර 10ක් ගත වීමෙන් පසු පිලිපීනය, ජපානය සහ ඇමරිකාව ඇතුළු ඇතැම් බටහිර රටවල් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් එම තීන්දුව යළි හුවා දැක්වීමට කටයුතු කර ඇති බව චීනය පවසනවා. එහෙත් එය, එම බේරුම්කරණ තීන්දුව සම්බන්ධව ඇතැම් රටවල් නීතියට මුවාවී සිදු කළ දේශපාලන නාඩගමක් පමණක් බව චීනය පෙන්වා දෙනවා.

 

බේරුම්කරණය සිදු කෙරෙන්නේ අදාළ පාර්ශ්වයන් සමග එක්ව පූර්ණ වශයෙන් අදහස් හුවමාරු කරගනිමින් ඒකමතික එකඟතාවයකට පැමිණීමෙන් පසුවයි. එසේම චීන මහගොඩබිමට අදාළ ගැටලු "එක්සත් ජාතීන්ගේ සමුද්‍රීය සම්මුතිය" සමග සම්බන්ධ නොවන අතර 2006 වසරේ දී සමුද්‍රීය මායිම් නිර්ණය චීනය විසින් පැහැදිලිවම අනිවාර්ය බේරුම්කරණයෙන් ඉවත් කර තිබෙනවා. මෙවන් පසුබිමක පිලිපීනය ඒකපාර්ශ්විකව මෙම "දකුණු චීන මුහුදු බේරුම්කරණ තීන්දුව" හුවා දැක්වුව ද බේරුම්කරණ පටිපාටිය යළි ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නීතිමය පදනමක් නොමැති බව චීනය පවසනවා.

WhatsApp Image 2026 07 14 at 11.14.34 AM

චීනය සහ පිලිපීනය අතර ගැටලුවක් නිර්මාණය වී ඇත්තේ දූපත් සහ ගල්පරවල ‍භෞමික අයිතීන් සහ සමුද්‍රීය මායිම් නිර්ණය සම්බන්ධවයි. එසේම  "බේරුම්කරණ විනිශ්චය සභාව", දෙපාර්ශ්වයේම කැමැත්තට එරෙහිව "එක්සත් ජාතීන්ගේ සමුද්‍රීය සම්මුතියේ " ගැටුම් නිරාකරණ යාන්ත්‍රණය අයුතු ලෙස භාවිත කළ බැවින් එම විනිශ්චය සභාවේ යුක්තිය හා නීත්‍යනුකූල බව ප්‍රශ්නයට ලක් කර ඇති බව ද චීන මාධ්‍ය වාර්තා කළා. එපමණක් නොව එම බෙරුම්කරණ විනිශ්චය සභාවේ බහුතර සාමාජිකයින් පත් කර ඇත්තේ එවකට ජාත්‍යන්තර සමුද්‍රීය නීතිය පිළිබඳ විනිශ්චය සභාවේ සභාපතිවරයා වූ, දැඩි දක්ෂිණාංශික නැඹුරුවක් ඇති ජපන් විනිසුරුවරයෙකු වන Shunji Yanai ය. එබැවින් මෙම ඊනියා "බේරුම්කරණ විනිශ්චය සභාව" සහ මෙම සභාව ලබාදුන් ඊනියා බේරුම්කරණ තීන්දුව තුළ කිසිදු නීත්‍යනුකූල බවක්නොමැති බව චීනය අවධාරණය කරනවා.

පිලිපීනය ඇතුළු රටවල් රැසක් "දකුණු චීන මුහුදු බේරුම්කරණ තීන්දුව " හුවා දැක්වීමට කටයුතු කළ ද චීනය කිසිලෙසකින් එම බේරම්කරණ තීන්දුව පිළිනොගන්නා බව වාර්තා වනවා. ඉතිහාසයට අනුව හෝ නීතිමය වශයෙන් හෝ දකුණු චීන මුහුද සහ ඒ ආශ්‍රිත දූපත් කෙරෙහි චීනය සතු නීත්‍යනුකූල අයිතීන් අවිවාදිත බවයි චීනය වැඩිදුරටත් පවසන්නේ.

WhatsApp Image 2026 07 14 at 11.14.33 AM

මේ අතර ඊයේ(13) දකුණු චීන මුහුදු ආරක්ෂක වට මේස සංවාදය චීනයේ හොංකොං විශේෂ පරිපාලන කලාපයේ දී ආරම්භ වුණා. එහි දී ‘දකුණු චීන මුහුදු බේරුම්කරණ තීන්දුව පිළිබඳ විවේචනාත්මක විවරණය’මැයෙන් වාර්තාවක් නිකුත් කළා. ඒ ඒ රටවලින් සහ කලාපවලින් පැමිණ සිටින නීති ‍කේෂ්ත්‍රයේ විද්වත්හු සහ විශේෂඥයෝ ඊට එක්ව සිටියහ.

WhatsApp Image 2026 07 14 at 11.14.34 AM 1

ඊනියා ‘දකුණු චීන මුහුදු බේරුම්කරණ තීන්දුව’, නීතිමය වශයෙන් අදාළ කරුණු සමග සම්බන්ධ විග්‍රහ, භාවිතයන්, සත්‍ය හා නීතිමය ක්‍රියාවලිය මත පදනම්ව එහි සැබෑ තත්ත්වයන් හඳුනා ගැනීම සම්බන්ධයෙන් විශාල වැරදි සහිත‍‍ තීන්දුවක් බව එම විවරණ වාර්තාවෙන් පෙන්වා දෙනවා.

 

641546917 3031627250355498 4361933880415730939 n 1

 

 

 

 

දිනූෂි ධීරසිංහ

(චීන මාධ්‍ය සමූහය)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න