අප රටේ සෑම දේශපාලන පක්ෂයක් ම රජය ද අදටත් මේ වතුකරයේ ජනතාව වතු කම්කරුවන් ලෙස හැඳින්වුව ද මේ ජනතාව මෙරට ඉඩම් හිමිකම සහිත වතු ව්‍යවසායකයන් ලෙස බලමුළු ගන්වන බව විපක්ෂ නායකවරයා පැවසීය.
ඔහු මෙම අදහස් පළ කළේ සුජිත් පෙරේරා මන්ත්‍රීතුමා විසින් සංවිධානය කරන ලද වතුකරයේ ජනතාව ගේ සහභාගිත්වයෙන් බලංගොඩ සන්සිටි හෝටලයේ දී පැවැති සමගි වතු සේවක සංගමයේ වාර්ෂික සම්මේලනය අමතමිනි.
එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...
වතුකරයේ ජනතාව තේ ව්‍යවසායකයින් බවට පත් කළ යුතුයි.
''මැතිවරණය සමයේ විවිධ පාර්ශ්ව ඉඩම් අයිතිය නිවාස අයිතිය දෙන දීමනාව වැටුප ගැන කියනවා. රු. 1000, 1500, 2000 ලෙස වැටුප් ගැන කිව්වත් අද රු. 1750 ලැබෙන්නේ නෙළන දළු කිලෝ ගණන අනුව යි. අතිමහත් බහුතරයක් වතුකරයේ ජනතාව සිටින්නේ ලැයිම්වල. අප රටේ තේ ඉඩම්වලින් 60%ක් මහාපරිමාණ ව්‍යාපාරිකයන්ට අයිති වුවත් ඔවුන් 30%ක් පමණ තේ නිෂ්පාදනය කරන විට 40% ඉඩම් හිමි කුඩා තේ වතු හිමියන් 70%ක දායකත්වය දෙනවා. මේ වැටුප් ගැටලුවට විසඳුම වැටුප වැඩි කිරීම නොව රාජ්‍ය හා පෞද්ගලික වතු තේ ලෙස වගා නොකරන තේ වගාවට සුදුසු මුඩු ඉඩම් මේ වතු ප්‍රජාවට ලබා දී, කුඩා තේ වතු හිමියකු ලෙස සවිබල ගන්වා, නිවසක් සාදා ගෙන තේ ව්‍යවසායකයකු බවට පත් කිරිම යි. ඒ සදහා සමගි ජන බලවේගය සූදානම්.
වතු කම්කරු ප්‍රජාව ආර්ථික ඉණිමගේ ඉහළට ම
අද මේ වතුතරය ආශ්‍රිතව අධ්‍යාපන ක්ෂේත්රයේ ගැටලු රැසක් පවතිනවා. උපකරණ හිගය භෞතික හා මානව සම්පත් හිඟය ද පවතිනවා. සෞඛ්‍ය ක්ෂේත්රයේ ද අඩුපාඩු ඇති නිසා මේ ප්‍රදේශ ඒකාබද්ධ කර ගැටලුවලට විසඳුම් දෙන ජනාධිපති කාර්ය සාධන බලකායක් ස්ථාපිත කරනවා. වතුකරයේ ජනතාව සවිබල ගැන්වුවහොත් ඔවුන්ට වැටුප් ලබන වෘත්තියක් කරනවාට වඩා ව්‍යවාසයකයන් බවට පත් කළ හැකි යි. එවිට මැතිවරණ සමයේ පවා ඔවුන්ව රැවටිය නොහැකි යි. මේ තුළින් ඔවුන්ට ආර්ථික ඉණිමගේ ඉහළට ම යා හැකි යි.
වතු ප්‍රජාවට සාධාරණය ඉටු කරනවා කියන මේ රජය 1979 නීතියක් උපයෝගී කර ගෙන වතු ප්‍රජාව වතුවලින් පන්නා දමනවා. මේ අය ගැන පාර්ලිමේන්තුවේ කතා කළේ මම යි. 1889 අංක 13 දරන ඉන්දිය වතුකම්කරු ආඥා පනතේ 24(1) වගන්තිය අනුව මේ නිවාස පහසුකම් හිමි යි. මැර කණ්ඩායම් එවා වතුකරයේ ජනතාව පන්නා දැමීම නීතිවිරෝධී යි. ඔවුන් වෙනුවෙන් නීතිමය පියවර ගන්න සමගි ජන බලවේගයෙන් වෙනම ම නීතිඥ මණ්ඩලයක් ද පත් කරනවා.''
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
