මේ දින වල දිවයින පුරා සිනමා ශාලා වලදී තිරගත වන,
ස්ටෑන්ඩ් අප් මුවමන්ට් ලංකා සාමූහිකය නිෂ්පාදනය කළ, චින්තන ධර්මදාස අධ්යක්ෂනය කළ, 'අභිසාරි' සිංහල චිත්රපටිය මලයාලම් සහ හින්දි බසින් හඬකැවීමටත්, ඉන්දියාවේ ප්රදර්ශනය කිරීමටත්, ඉන්දියානු සමාජ ක්රියාකාරී එකමුතුවක් ඉදිරිපත් වී සිටිනවා.
චිත්රපටයේ මංගල දර්ශනය නැරඹීමෙන් පසුව ඔවුන් මෙසේ කැමත්ත පළ කර ඇති බවයි පැවසෙන්නේ. ඒ අනුව අභිසාරි චිත්රපටිය නුදුරේ දී ම ඉන්දියාවේ දී මලයාලම් සහ හින්දි භාෂාවලින් හඬකැවෙනු ඇති බවත්, ඉන්දියාවේ තෝරාගත් සිනමා ශාලාවල ප්රදර්ශනය වනු ඇති බවත් අභිසාරි කණ්ඩායම පවසයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර
