පසුගිය 25වන දා: කොළඹ 7, ලක්ෂ්මන් කදිරගාමර් ආයතන පරිශ්‍රයේ දී රාජකීය පණ්ඩිත අතිපූජ්‍ය තිරිකුණාමලේ ආනන්ද මහ නා හිමිපාණන් ගේ මූලාසනයෙන් පැවැති මේ උලෙළේ දී 2024 වසරට අදාළ ව 'කුමාරතුංග මුනිදාස සිසුවරම' අනුස්මරණ ශිෂ්‍යත්ව ප්රදානය අතිඋත්කර්ෂවත් ලෙස සිදු කළේ ය.
එහි දී 2023 වසරට අදාළ අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගයේ දී 'සිංහල භාෂාව හා සාහිත්‍යය' විෂයයට දිවයිනෙන් ම වැඩි ම සම ලකුණු ලැබ ශිෂ්‍යත්වය දිනාගත් ගාල්ල, සංඝමිත්තා බාලිකා විදුහලේ අමීෂා සකුණි සිසුවිය සහ මාතර, සාන්ත තෝමස් උසස් බාලිකා විදුහලේ සුහන්සා සුබාති බැද්දෙගමගේ සිසුවිය අදාළ සහතික පත්‍ර: අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව අතින් ලබාගත්තේය.
මේ ශිෂ්‍යත්වයට ඉමහත් අගයක් එකතු කරමින් අද දෙරණ ආයතනය මගින් ටැබ්-පරිගණක පිරිනැමුණු අතර ජාතික ඉතිරිකිරීම් බැංකුව මගින් රු. 50,000ක් වටිනා ඉතිරිකිරීමේ තැන්පතු පිරිනමන ලදී. මේ දරුවනට හා ඔවුන ගේ පාසල් පුස්තකාලවලට කුමාරතුංග මුනිදාස ගේ කෘති ද පරිත්‍යාග කෙරිණ.




newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
