Image

යාපනයේ පෞද්ගලික රෝහලකට සහ වෛද්‍ය සායනයකට රුපියල් ලක්ෂ හතරක (රු. 400,000/-) දඩයක්; තීන්දු පුවත්පත්වල පළ කිරීමටත් නියෝග

යාපනයේ පෞද්ගලික රෝහලකට සහ වෛද්‍ය සායනයකට රුපියල් ලක්ෂ හතරක (රු. 400,000/-) දඩයක්; තීන්දු පුවත්පත්වල පළ කිරීමටත් නියෝග

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ නීතිරීති සහ විධානයන් බරපතළ ලෙස උල්ලංඝනය කරමින් කටයුතු කළ යාපනය ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකට සහ වෛද්‍ය සායනයකට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ යාපනය දිස්ත්‍රික් විමර්ශන නිලධාරීන් විසින් යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබුණි.

2026.07.29 දින සිදු කළ මෙම වැටලීමේ දී යාපනයේ තිරුනෙල්වේලි පිහිටි Northern Central Hospitals (Pvt) Ltd හි තිබී: ඇස් සැත්කම් සඳහා භාවිත කරන කල් ඉකුත් වූ ඖෂධ දියර වර්ග වන Tropicamise with phonlyphone Auromidpls 5ml ශීතකරණයේ තබා ප්‍රදර්ශනය කිරීම, ඖෂධ සූදානම් කරන ස්ථානයේ කල් ඉකුත් වූ Ether Liquid සහ Hydrogen Peroxide සොයාගෙන ඇත.

කල් ඉකුත් වූ සැත්කම් උපකරණ වන Sterile Plashmatube ප්‍රදර්ශනය කිරීම යන චෝදනා තුනක් යටතේ නඩු මෙම රෝහලට විරුද්ධව නඩු පවරා ඇත.

දඩ නියම කළ දිනය: 2026.08.04

අධිකරණය හමුවේ චෝදනා තුනටම වරද පිළිගැනීමෙන් අනතුරුව, එක් චෝදනාවකට රුපියල් 100,000/- බැගින් රුපියල් 300,000/-ක (ලක්ෂ තුනක) දඩයක් ගරු අධිකරණය විසින් නියම කරන ලදී.

 

2026.07.14 වැටලීම සිදු කළ New Sun Rise Medi Clinic - නාවලර් පාර්, යාපනය

අනාවරණය වූ කරුණු:

රසායනාගාරයක් මගින් සිදුකරනු ලබන Full Blood Count (FBC) රුධිර පරීක්ෂාවක් සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නියම කර ඇති රුපියල් 400/-ක උපරිම ගාස්තුව ඉක්මවා රුපියල් 550/-ක් අය කිරීම මඟින් විධාන අංක 67 උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් නඩු පවරන ලදී.

දඩ නියම කළ දිනය: 2026.08.04

නඩුව කැඳවූ අවස්ථාවේ දී විත්තිකරු වරද පිළිගැනීමෙන් අනතුරුව රුපියල් 100,000/-ක (ලක්ෂයක) දඩයක් නියම කරන ලදී.

විශේෂ අධිකරණ නියෝගය

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ 60(6) වගන්තිය අනුව මෙම වෛද්‍ය ආයතන දෙකට එරෙහිව ලබාදුන් අධිකරණ තීන්දු පිළිබඳ විස්තර මහජන දැනගැනීම සඳහා පුවත්පත්වල පළ කරන ලෙස ද යාපනය මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කරනු ලැබී ය.

පාලන මිල ඉක්මවා වෛද්‍ය පරීක්ෂණ සඳහා ගාස්තු අය කරන, කල් ඉකුත් වූ ඖෂධ හෝ වෛද්‍ය උපකරණ භාවිතයට තබාගන්නා පෞද්ගලික රෝහල්, වෛද්‍ය සායන හෝ රසායනාගාර පිළිබඳව කාර්යාල වේලාවන් තුළ 1977 කෙටි දුරකතන අංකය ඔස්සේ වහාම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත දැනුම් දෙන්න.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න