Image

නිදහස් මෙහෙයුම් මධ්‍යස්ථානයේ නියෝජිත පිරිසක් ඉත්තෑපානේ ධම්මාලංකාර හිමි හමුවෙති

නිදහස් මෙහෙයුම් මධ්‍යස්ථානයේ නියෝජිත පිරිසක් ඉත්තෑපානේ ධම්මාලංකාර හිමි හමුවෙති

විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව කරුණු පැහැදිලි කිරීම සඳහා නිදහස් මෙහෙයුම් මධ්‍යස්ථානයේ (දිනන දකුණ සාමූහිකය,ෆ්‍රී ලෝයර්ස්) නියෝජිත පිරිසක් ඊයේ (16) පන්නිපිටිය, රුක්මලේ ශ්‍රී ධර්ම විජයාලෝක මහාවිහාරයේ දී කෝට්ටේ කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමිපාණන් වහන්සේ බැහැ දුටහ.

ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේ සමග සාකච්ඡා කර මේ පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කරන බවත්, තමන් වහන්සේ පෞද්ගලිකවම ජනාධිපතිවරයාට මේ පිළිබඳව දැනුම් දෙන බවත් කෝට්ටේ කළ්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නායක ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර නායක මාහිමිපාණන් වහන්සේ පැවසූහ.

මෙම අවස්ථාවට ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න, නිශාන්ත ශ්‍රී වර්ණසිංහ,හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

WhatsApp Image 2026 08 17 at 4.20.27 AM

WhatsApp Image 2026 08 17 at 4.20.26 AM

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න