Image

ආණ්ඩුව කෙරෙහි ජනතාව ගේ කැමැත්ත 65% සිට 50% දක්වා අඩු වෙලා - Verité Research

ආණ්ඩුව කෙරෙහි ජනතාව ගේ කැමැත්ත 65% සිට 50% දක්වා අඩු වෙලා - Verité Research

2026 පෙබරවාරි මාසය වන විට ජනතාව ආණ්ඩුව කෙරෙහි ඇති කැමැත්ත හෙවත් අනුමැතිය 65%ක්ව පැවතිය ද මේ වන විට එය 50%ක් දක්වා වූ මධ්‍යස්ත තත්ත්වයකට පත්ව ඇතැයි වෙරිටේ රිසර්ච් (Verité Research) ආයතනය සඳහන් කරයි.

එම ආයතනය මේ බව සඳහන් කරන්නේ ගැලප් (Gallup) මාදිලියේ “රට හිතන හැටි” (Mood of the Nation) මත විමසුමේ නවතම වටයට අනුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.

“රට හිතන හැටි” මත විමසුමට අනුව ආර්ථිකයේ ඉදිරි දැක්ම පිළිබඳව ජනතා මතය තියුණු ලෙස අඩු වී ඇති බවත්, ආර්ථිකය “යහපත් වෙමින් පවතින්නේ” යැයි සිතන අයගේ ප්‍රතිශතය 42%ක් බවත්, එය පෙර වටයේදී පැවති 64%ක අගයට සාපේක්ෂව සැලකිය යුතු අඩුවීමක් බව ද එම නිවේදනයෙහි වැඩි දුරටත් සඳහන් වේ.

මතු පළ වන්නේ වෙරිටේ රිසර්ච් (Verité Research) ආයතනය විසින් නිකුත් කරන ලද සම්පූර්ණ නිවේදනය යි.

 

vr1

vr2

vr3

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න