Image

පාන්පිටි කිලෝවක මිල රුපියල් 17කින් ඉහළට

පාන්පිටි කිලෝවක මිල රුපියල් 17කින් ඉහළට

පාන් පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 17කින් ඉහළ නැංවීමට ප්‍රිමා (Prima) සහ සෙරන්ඩිබ් (Serendib) යන පාන් පිටි ආනයන සමාගම් තීරණය කර තිබේ.

ඊයේ (29) වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම මිල සංශෝධනය සිදුකරනු ඇත.

බේකරි නිෂ්පාදනවල මිල ගණන් ඉහළ යයිද?

පාන් පිටි මිල මෙලෙස ඉහළ යාමත් සමග පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ගණන් ඉහළ නැංවීම පිළිබඳව අවසන් තීරණය එළඹෙන සඳුදා (31) ගැනීමට නියමිතය.එදින රැස්වන සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී පාන් ඇතුළු අනෙකුත් බේකරි කෑම වර්ගවල මිල ගණන් වැඩි කරන්නේද නැද්ද යන්න පිළිබඳව සාකච්ඡා කර තීරණයක් ගන්නා බව එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන  ප්‍රකාශ කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න