පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ප්‍රධාන ආරක්ෂක නිලධාරීයා නැවත සේවයේ පිහිටුවීම හා ඔහුට රුපියල් ලක්ෂ 56ක මුදලක් ගෙවීම නීති විරෝධී බව කෝප් කමිටුවේදී හෙළි වෙයි; එන්.කේ.සූරියබණ්ඩාර නමැති මෙම පුද්ගලයාට යන එන මං නැති වන බව මේ වන විට තහවුරු වී තිබේ.
එන්.කේ.සූරියබණ්ඩාර නමැති පුද්ගලයා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී තනතුරේ සේවයේ පිහිටුවා (එනම් 2014 වර්ෂයේ) ඉතා කෙටි කාලයකින් එනම් පරිවාස කාලයේ සිටිය දී (2015) විශ්වවිද්‍යාලයේ පිහිනුම් තටාකය, කිසිඳු බලධාරියකු ගේ අවසරයකින් තොරව තම නිල බලය අවභාවිතා කරමින් සහ ඔහුගේ අභිමතය පරිදි එහි යතුරු බලත්කාරයෙන් ලබා ගෙන, රාත්‍රී කාලයේ පිහිනුම් තටාකය විවෘත කර තම හිතමිත්‍රාදින්ට රිසිසේ භාවිතා කිරීම සඳහා ඉඩ ප්‍රස්ථාව සලසා දීමේ සිදුවීමක් හේතුවෙන් වැඩ තහනමට ලක්විය. පරිවාස කාලයේ ඔහු විසින් සිදු කරන ලද මෙම බරපත විෂමාචාර ක්‍රියාව හේතුවෙන් මූලික සහ විධිමත් පරික්ෂණයක් පවත්වා උක්ත චෝදනාවලට වැරදිකරු වූයෙන්, පාලනාධිකාරිය විසින් ඔහුව සේවයෙන් ඉවත් කරන ලදි.
ඉන් අනතුරුව ඔහු පාලනාධිකාරිය විසින් ලබාදෙන ලද තීන්දුවට එරෙහිව ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කරන ලදි. එම නඩුව වසර ගනනාවක් විභාග වීමෙන් පසු එහි තීන්දුව ලබා දෙන ලදි. එම නඩු තීන්දුවේ කිසිදු තැනක මොහු නැවත සේවයේ පිහිටවිය යුතු බව හෝ මොහුට හිඟ වැටුප් ලබා දිය යුතු බවක් සදහන් කර නොතිබිණි.
විනිසුරුවරයා ද නීතිය නවයි
මොහු එම වකවානුව තුළ පැවති පොදුජන පෙරමුණු රජයට වන්දිභට්ටකම් කරමින්, එවකට වියත්මග නම් වු සංවිධානයේ මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයා ව සිටි හිටපු උපකුලපති මහාචාර්‍ය ළමාවංශ මහතාට සට්ටැඹිකම් කර අනීතිකව නැවත රැකියාව ලබා ගත්තේ ය. මෙහිදි සිදු වූ බරපතළ කාරණය නම් මෙම ප්‍රධාන ආරක්ෂක නිලධාරියාගේ බිරිඳගේ සොහොයුරෙකු වන අභියාචනාධිකරණ විනිසුරු සරත් දිසානායක යන අය ගේ බලපෑමින් එවකට පාලක සභාවේ සිටි වියත්මගේ නීතී නිලධාරීන් විසින් අනීතිකව 2022 ජනවාරි 01 වන සෙනසුරාදා දිනක ප්‍රධාන ආරක්‍ෂක නිලධාරි තනතුර ලබා දී, ඉන් නොනැවතී ඔහුට වසර පහකට අදාළ හිග වැටුප වන ලක්ෂ 56කට අධික මුදලක් අනීතිකව ගෙවීමට කටයුතු කරන ලදි. රජයේ මුදල් මෙලෙස හිතුවක්කාරී හා අත්තනෝමතික ලෙස භවිතා කිරීමේ මෙම සිදුවීම පිළිබදව 2026.03.22 සහ 2026.08.19 යන දිනවල පැවති රාජ්‍ය පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (COPE) ද ප්‍රශ්න කරන ලදි. එසේම මෙම සිදුවීම ඉතා බරපතළ විෂමාචාර ක්‍රියාවක් බැවින් කෝප් කමිටුව විසින් මෙම සිදුවීමට එරෙහිව පරීක්ෂණ පැවැත්වීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කරන බව කෝප් කමිටු සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර කෝප් කමිටුවේදී ප්‍රකාශ කළේ ය.
මෙම නිලධාරීයා තවදුරටත් විශ්වවිද්‍යාල සේවයේ නිරතව සිටින බැවින් එම මුදල ඔහුගෙන් අය කර ගැනීමට කටයුතු වහා සිදු කළ යුතුව ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
