ශ්‍රී ලංකාවේ විශ්ව විශ්ව විද්‍යාල පද්ධතියක් මගින් සංවිධානය කරනු ලබන ප්‍රථම සහ එකම ජාතික මට්ටමේ සාහිත්‍ය සම්මාන ප්රදානය වන විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්රදානය 2026 පසුගියදා(02) ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ශ්‍රී සුමංගල සභාසදයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණා.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්ර හා සමාජීයවිද්‍යා පීඨය මගින් අඛණ්ඩව සංවිධානය කළ මෙවර සම්මාන ප්‍රධානයේදී 2025 වර්ෂයේ ප්‍රකාශයට පත් කරන ලද (නවකතා, කෙටිකතා, පද්‍ය කාව්‍ය සංග්‍රහ, ගේය කාව්‍ය සංග්‍රහ සහ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා විෂයයන්ට අදාළ ශාස්ත්‍රීය කෘතීන්) යන කාණ්ඩ 05 ක් යටතේ සම්මාන ප්‍රධානය සිදු කෙරුණ අතර, වට තුනකින් සමන්විත ඇගයීම් ක්‍රියාවලියක් ඔස්සේ අවසන් වටයට තේරී පත් වූ කෘතීන් අතරින් විශිෂ්ටතම නිර්මාණ කෘතීන් තෝරා ගන්නා ලදී.
ඒ අනුව අවසන් වටයට නිර්දේශ වූ කෘතින් අතරින්,
2025 වසරේ විශිෂ්ටතම නවකතාවට හිමි සම්මානය ජයග්‍රහණය කළේ සුරත් ද මැල් විසින් රචනා කළ 'ණයානන්දය’ නවකතාවයි. මෙම කෘතිය ප්‍රකාශයට පත් කළේ සරසවි ප්‍රකාශන ආයතනය විසිනි.


වසරේ විශිෂ්ටතම කෙටිකතා සංග්‍රහයට හිමි සම්මානය ප්‍රින්ස් සේනාධීර විසින් රචිත ‘ඒ ලස්සන තුවාල කැළැල’ කෙටි කතා සංග්‍රහයට හිමි විය. මෙම කෘතිය ප්‍රකාශයට පත් කළේ විදර්ශන ප්‍රකාශන ආයතනය විසිනි.


වසරේ විශිෂ්ටතම පද්‍ය කාව්‍ය සංග්‍රහය ලෙස සම්මානය දිනා ගත්තේ මිරාන් දමීන්ද්‍ර පෙරේරා විසින් රචිත ‘සැර සුවඳ මල් උයන’ පද්‍ය සංග්‍රහයයි. මෙම කෘතිය ඩ්‍රීම් පෙන්සිල් ප්රකාශනයක් ලෙස ප්‍රකාශයට පත් විය.


වසරේ විශිෂ්ටතම ගේය කාව්‍ය සංග්‍රහය ලෙස සම්මානයට පාත්‍ර වූයේ සුනිල් ආර් ගමගේ විසින් රචිත ‘මගේ අප්සරාවි’ කෘතියයි. මෙම කෘතිය ප්‍රකාශයට පත් කළේ සුරස ප්‍රකාශන ආයතනයයි.


වසරේ විශිෂ්ටතම ශාස්ත්‍රීය පර්යේෂණ කෘතියට හිමි සම්මානය පිටතලාවේ විමලසාර හිමි විසින් රචිත සම්භාව්‍ය සිංහල ගද්‍ය රීති හා පාලි-සංස්කෘත ආභාසය කෘතියට හිමි විය. විද්‍යාලංකාර මුද්‍රණ ශිල්පියෝ සහ ප්‍රකාශකයෝ විසින් මෙම කෘතිය ප්‍රකාශයට පත් කරන ලදී.




newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
