Image

නාමල් කුමාරට එරෙහි නඩුව දෙසැම්බර් 09 දක්වා කල් යයි

නාමල් කුමාරට එරෙහි නඩුව දෙසැම්බර් 09 දක්වා කල් යයි

කාදිනල් හිමිපාණන්ට අපහාස කිරීම, කතෝලික ජනතාව කෝප ගැන්වෙන අයුරින් ප්‍රකාශ නිකුත් කිරීම යන චෝදනා මත ඇප මත මුදා හැර ඇති අත්තනායක මුදියන්සේලාගේ නාමල් කුමාරයන සැකකරු ඇතුළු සැකකරුවන් දෙදෙනාට එරෙහිව නඩුව නීතිපති උපදෙස් සදහා ලබන දෙසැම්බර් මස 09 දා යළි කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද නියෝග කළා.

සැකකරුට එරෙහිව කැඳවූ නඩුව විභාගයට ගත් අවස්ථාවේ සැකකාර නාමල් කුමාර සහ අසේල නුවන් රාජපක්ෂ යන අය විවෘත අධිකරණයේ පෙනී සිටියහ. මෙම සිද්ධියට අදාළව තවත් ප්‍රකාශයක් සටහන් කිරීමට ඇති බවත් ඔහු මේ වනවිට විදේශ ගතව ඇති බවත් පොලිසිය අධිකරණයට දන්වා සිටියේ ය.

දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ වන වරදක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන සිදු කරමින් සිටින අතර එකී ප්‍රකාශයෙන් ආගමික වාර්ගික ජාතික වෛරය පතුරවන බවට විමර්ශන අනාවරණය කර ඇත.

ජාතික කතෝලික සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා විසින් කොළඹ අපරාධ කොට්ඨාසයට සිදු කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් සිදු කළ විමර්නයකට අනුව නාමල් කුමාරඇතුළු දෙදෙනා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ඇප මත මුදා හැර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න