Image

බම්බලපිටියේ සිට දෙහිවල දක්වා වෙරළ තීරය ආශ්‍රිත අනවසර ඉදි කිරීම් ඉවත් කිරීමට දින දෙයි

බම්බලපිටියේ සිට දෙහිවල දක්වා වෙරළ තීරය ආශ්‍රිත අනවසර ඉදි කිරීම් ඉවත් කිරීමට දින දෙයි

බම්බලපිටියේ සිට දෙහිවල දක්වා වෙරළාසන්න ප්‍රදේශයේ අත්තනෝමතික ලෙස ඉදිකළ සියලු අනවසර ඉදිකිරීම් කඩා ඉවත් කිරිමට වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව තීරණ කර තිබේ.

මෙහි මුල් අදියර යටතේ බම්බලපිටිය මැරීන් ඩ්‍රයිව් ඇතුලු ප්‍රදේශ රැසක පිහිටි 08 දෙනෙකුට අයත් අනවසර ඉදිකිරීම් 19ක් කඩා ඉවත්කිරිමේ නියෝග ලබාදී ඇතිබව වාර්තා වේ.

මෙම අනවසර ඉදිකිරීම ඉවත් කිරීම සඳහා වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පී බී ටර්නි ප්‍රදීප් කුමාරගේ අත්සනින් යුතුව නිවේදනයක් නිකුත් කර ඇත.

එම නිවේදනයේ දැක්වෙන්නේ සැප්තැම්බර් 10 වැනිදාට පෙර අනවසර ඉදිකිරීම් සහ එහි ඇති භාණ්ඩ සියල්ල ඉවත් කර ගත යුතු බවය.

එදිනට පෙර අදාළ ගොඩනැගිලි ඉවත් කර ගැනීමට අපොහොසත් වුවහොත් කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව දෙපාර්තමේන්තුව මගින් අදාළ ගොඩනැගිලි කඩා ඉවත් කරන බවත් එහි සිදුවන හානි සම්බන්ධයෙන් රජය වග නොකියන බවත් ඒවායේ හිමිකරුවන්ට වැඩිදුරටත් දැනුම්දී තිබේ.

1981 අංක 57 දරණ වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ පනත ප්‍රකාරව වෙරළ කලාපය තුළ යම් ඉදිකිරීමක් කිරීමට පෙර විධිමත් බලපත්‍රයක් ලබා ගැනීම අනිවාර්ය වේ.

බලපත්‍ර නොමැතිව සිදුකර ඇති ඉදිකිරීම් අධිකරණ නියෝගයකින් තොරව කඩා ඉවත් කිරිමේ නීතිමය බලතල පනතේ 31 (4) වගන්තිය අනුව දෙපාර්තමේන්තුව සතුය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න