ජනාධිපතිවරයාගේ මැදිහත්වීමක් නොමැති වූයේ නම් අනිවාර්යෙන්ම අනෝජන් නැමැති ශ්රී ලාංකිකයාට සෞදියේදී මරණ දඬුවම හිමිවන බව පාර්ලිමේන්තු මන්ත්රී ෆයිසර් මුස්තාෆා පාර්ලිමේන්තුවේදී ප්රකාශ කළේය.
මන්ත්රීවරයා පෙන්වා දුන්නේ ජනාධිපතිවරයා මෙම ප්රශ්නය ගත්තේ අධිකරණය හරහා විසඳාගත යුතු ප්රශ්නයක් හැටියට බවත් එය සාර්ථක වූ අතර විශේෂයෙන්ම උදාහරණයක් ලෙස රිසානාගේ මරණ දඬුවම අවස්ථාවේ එය දේශපාලනිකව ගත් ප්රශ්නයක් බැවින් එයට ඒ ආකාරයේ ප්රතිඵලයක් හිමිවූ බවයි.
කෙසේ නමුත් මෙය ජාතික සමගියට හොඳ උදාහරණයක් බවද ඔහු පෙන්වා දුන්නේය.
ඒ අනුව ජනාධිපතිවරයාගේ සහ විදේශ අමාත්යවරයාගේ මැදිහත්වීමක් නොමැති වූයේ නම් අනිවාර්යෙන්ම ඔහුට මරණ දඬුවමට මුහුණ දීමට සිදු වන බව ඔහු අවධාරණය කළේය.
මෙම අනෝජන්ගේ මරණ දඬුවම සම්බන්ධ කාරණයට ජනාධිපතිවරයා මැදිහත් වෙන්නට තමා ඇතුළු නීතීඥවරුන් කිහිපයකට අවසර දුන් අතර මෙය ජාති ආගම් භේදයකින් තොරව ශ්රී ලාංකිකයන් ලෙස සියලු දෙනාගේ ප්රාර්ථනා වූයේ මරණ දඬුවමින් අනෝජන් නැමැත්තා මුදවාගැනීම බවද මන්ත්රීවරයා සඳහන් කළේය.
ඒ අනුව ලබන (27) දින මෙම නඩුව එරට මහාධිකරණයේදී විභාග වන අතර දඬුවම ලිහිල් කරගැනීමට කටයුතු කළ යුතු බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර
