Image

සුගීෂ්වරගේ නඩුව වෙනත් අධිකරණයකට යැවීමේ අවශ්‍යතාවයක් නෑ - අධිකරණ සේවා කොමිසම

සුගීෂ්වරගේ නඩුව වෙනත් අධිකරණයකට යැවීමේ අවශ්‍යතාවයක් නෑ - අධිකරණ සේවා කොමිසම

සුගීෂ්වර බණ්ඩාරගේ නඩුව වෙනත් අධිකරණයට මාරු කර යැවීමේ අවශ්‍යතාවයක් නැති බව අධිකරණ සේවා කොමිෂන් සභාව දන්වා ඇති බව අද(21) කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන එම නියෝග කියවා දෙමින් දන්වා සිටියේය.

සිද්ධියට අදාල නඩුව අද කැඳවු අවස්ථාවේදි මහේස්ත්‍රාත්වරයා මෙලෙස දන්වා සිටියේය.

එමෙන්ම බිරිඳගේ ගිණුම සහ තවත් ගිණූම් සම්බන්ධයෙන් වාර්තා ලබා දෙන ලෙසත් අදාල බැංකු ප්‍රධානීන්ට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා ඊට අදාළ විමර්ශන කර අධිකරණයට වාර්තා කැඳවන ලෙසත් නියෝග කළේය.

සිද්ධියට අදාළ සැකකරු සුගීශ්වර බණ්ඩාර ලබන 28 දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

රජයේ මුදලින් වැටුප් දෙකක් ලබා ගැනීම, ජනාධිපති වැය ශීර්ෂයන් මුදල් භාවිතා කර දේශපාලන පක්ෂ ප්‍රවර්ධන කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් නව ජනතා පෙරමුණේ නායක සූගීෂ්වර බණ්ඩාර හට චෝදනා එල්ල වී තිබේ.

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න