Image

ගුණදාස කපුගේගේ ගීත 20ක් ගායනය අධිකරණය වාරණය කරයි!

ගුණදාස කපුගේගේ ගීත 20ක් ගායනය අධිකරණය වාරණය කරයි!

කොළඹ වාණිජ මහාධිකරණය විසින් කලාශූරී ගුණදාස කපුගේ මහතා විසින් තනු නිර්මාණය සහ ගායනය කරන ලද ගීත 20ක් අනවසරයෙන් ගායනා කිරිම වළක්වාලමින් පාලි බාග්‍රා හෙවත් (පාලිත බණ්ඩාර) යන අයට එරෙහිව වාරණ ආඥාවක් ඊයේ (13) නිකුත් කරනු ලැබීය.

දිවංගත සංගීතඥ කලාශුරි ගුණදාස කපුගේ මහතාගේ පුත් මිත්‍ර කපුගේ සහ එතුමාගේ බිරිද වන ප්‍රේමා කපුගේ විසින් මෙම නඩුව පාලි බාග්‍රා යන අයට එරෙහිව ගොනු කර තිබුණි.

පැමිණිලිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ පෙන්වා දුන්නේ, ගීත සම්බන්ධයෙන් පවතින බුද්ධිමය දේපල හිමිකම කිසිදු අයෙකුට උල්ලංඝනය කල නොහැකි හිමිකමක් වන බවත්, පාලි බාග්‍රා මහතා විසින් පැමිණිලිකරුවන්ගේ අවසරයකින් තොරව අදාළ ගීත සිය ගීත වශයෙන් ගායනා කරමින් සිටින බවත්, ඔහු විසින් පැමිණිලිකරුවන්ගේ බුද්ධිමය දේපල හිමිකම උල්ලංඝනය කර ඇති බවත්ය.

සියලු කරුණු සලකා බැලූ වාණිජ මහාධිකරණය විසින් පාලි බාග්‍රාට අදාළ ගීත 20 ගායනා කිරීම තහනම් කරමින් මෙම නියෝගය නිකුත් කළ අතර, පැමිණිලිකරුගේ ලිඛිත අවසරයකින් තොරව එම ගීත වෙනත් පාර්ශ්වයන් වෙත ලබා දීමද වැඩිදුරටත් වාරණය කරන ලදී.

වාරණයට ලක්වූ ගීත අතරට අයත් වන ගීත:

“සීතල සද එලියේ, දොඹ මල් කැලැවේ, අහස උසට, බිම්බරක් සෙනග, නින්ද නැති රැයේ, අභිසාරිකාවන්ගේ, දෑස නිලපුල් තෙමා, සිංහල සිංදු කියන, අයියණ්ඩියේ, විදුලි මිනි පහන්, මං මුලාවි පාර සොයාගෙන, දම් පියාවි, දවසක් පැල, සිටු කුමාරියේ, සද හැංගි හැංගි, කවුරුත් එන්නැති, බිංදු බිංදු තාරකා, මගේ සද මඩල, ඔබ පෙම් කරනා ඔබේ කුමාරි, රුවක් ඇදෙනවා”

නැවත මෙම නඩුව 2026/11/27 දින කැඳවීමට වාණිජ මහාධිකරණය නියෝග කර ඇත.

පැමිණිලිකරුවන් වෙනුවෙන් නීතිඥ ඉසුරු අබේවික්‍රමගේ උපදෙස් මත නීතිඥ සඳුන් සේනාධිපති පෙනී සිටියේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න