සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ වෙසක් කාඩ්පත් මුද්‍රණය කර රජයට රුපියල් ලක්‍ෂයකට අධික පාඩුවක් කළ බව කියන සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්නට එරෙහිව පවරා ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය නොවැම්බර් 23 වන දින යළි කැඳවිමට කොළඹ මහාධිකරණය නියම කළේය.
කොළඹ මහාධිකරණ විනිසුරු රෂන්ත ගොඩවෙල විසින් ඊයේ (13) මෙලෙස දින නියම කරන ලදී.
මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී සිද්ධියට අදාළව පැමිණිල්ලේ සාක්ෂි විභාගය අවසන් බවත්, ඉදිරි දිනයක් ලබා දෙන ලෙසත් අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
චෝදනාව කුමක්ද?
2013 මැයි 10 වැනිදාත් ජුනි 06 වැනිදාත් අතර කාල සීමාව තුළ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී වෙසක් කාඩ්පත් 3,000ක් මුද්‍රණය කිරීමෙන් රජයට රුපියල් 1,28,520/-ක පාඩුවක් කළ බවට විත්තිකරුට එරෙහිව අල්ලස් කොමිසම චෝදනා දෙකක් යටතේ නඩු පවරා තිබෙනවා.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
