රාජපක්ෂලාගේ කාලයේ ශ්‍රී ලංකන් පාඩුව බිලියන 93කට වැඩියි

රාජපක්ෂලාගේ කාලයේ ශ්‍රී ලංකන් පාඩුව බිලියන 93කට වැඩියි

කපිල චන්ද්‍රසේන මහතා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරි ලෙස ක්‍රියා කළ (2011 – 2015) කාලයේ ශ්‍රී ලංකන් ගුවන් සේවාව රුපියල් බිලියන අනූතුනක් හා තවත් මිලියන තුන්සිය අසූඑකක අලාභයක් ලබා තිබෙන බව එම ගුවන් සේවා සමාගම් ලේකම්වරිය ඩැල්රීන් තිරුක්කුමාර් මහත්මිය ඊයේ (23) ජනාධිපති පරීක්ෂණ කොමිසම ඉදිරියේ ලබාදුන් සාක්ෂිවලින් හෙළිදරව් විය.

චන්ද්‍රසේන මහතා එම ධුරයට පත්කිරීමට ඒ මහතාගේ සුදුසුකම් මොනවාදැයි හෙළිදරව් කිරීමට චන්ද්‍රසේන මහතාගේ ජීවදත්ත ඇතුළත් ලේඛනයක් හෝ සුදුසුකම් පිළිබඳව සඳහන් වෙන කුමන හෝ ලේඛනයක් පෞද්ගලික ලිපි ගොනුවේ නොමැති බවත් සාක්ෂිකාරිය වැඩිදුරටත් සාක්ෂි දෙමින් ප්‍රකාශ කළාය.

රජයේ අධිනීතිඥ සජිත් බණ්ඩාර මහතාගේ විමසීම් හමුවේ කොමිසම ඉදිරියේ සාක්ෂිදෙමින් සාක්ෂිකාරිය මේ බව ප්‍රකාශ කළාය.

චන්ද්‍රසේන මහතා ධුරය දරද්දී ප්‍රධාන විධායක නිලධාරි වැය මධ්‍යස්ථානය (COST Centre) මඟින් වසර 2011 සිට 2015 දක්වා වියදම් කර තිබෙන මුදල රුපියල් මිලියන අනූහය ඉක්මවා ගොස් තිබෙන බවත් සාක්ෂිකාරිය ලබාදුන් සාක්ෂි මඟින් හෙළිදරව් වුණි. චන්ද්‍රසේන මහතා වසර 2011 සිට වසර 2015 මාර්තු 09දා දක්වා එම ධුරයේ ක්‍රියා කර තිබෙන බවත් සාක්ෂිකාරිය පැවසුවාය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න