"පර්පෙචුවල් ට්‍රෙෂරිස්" එරෙහිව : රාජ්‍ය ආයතන 5 කින් නඩු 5ක් ! 

"පර්පෙචුවල් ට්‍රෙෂරිස්" එරෙහිව : රාජ්‍ය ආයතන 5 කින් නඩු 5ක් ! 

භාණ්ඩාගාර බැඳුම්කර මිල ගණන් කෘත්‍රිම ලෙස ඉහළ දමමින් අයුතු ධනවත්වීමක් අත්කැරගෙන ශ්‍රී ලංකා රජය, මහ බැංකුව ඇතුළු රාජ්‍ය ආයතන පහකට අලාභයක් සිදු කළේ යැයි සඳහන් කරමින්  'පර්පෙචුවල් ට්‍රෙෂරිස්' සමාගමෙන් රුපියල් බිලියන නවයකට අධික මුදලක් අයකර දෙන්නැයි ඉල්ලා  එම රාජ්‍ය ආයතන කොළඹ දිසා අධිකරණයේ නඩු පහක් පවරා ඇති බව වාර්තා වෙයි.

රජය වෙනුවෙන් නීතිපතිවරයා, ශ්‍රී ලංකා මහ බැංකුව, සේවක අර්ථසාධක අරමුදල, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සමාගම, සේවා නියුක්තිකයින්ගේ බාර අරමුදල් මණ්ඩලය හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මඟින් මෙම නඩු පහ ගොනුකර ඇති අතර එහි විත්තිකාර පාර්ශවය ලෙස  ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාථමික අලෙවිකරුවකු ලෙස වසර ගණනාවක් ව්‍යාපාර කටයුතුවල නියැළි ප‍ර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම නම් කර ඇත.

ඒ අනුව සේවක අර්ථසාධක අරමුදල හා සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලය මඟින් පර්පෙචුවල් ආයතනයට පැවරූ නඩුව ඔක්තෝබර් 30 දින, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා නඩුව නොවැම්බර් 09 දින, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ආයතනය මහ බැංකුව පැවරූ නඩු දෙක දෙසැම්බර් 11 දින විභාග කිරීමට කොළඹ දිසා අධිකරණය දින නියම කැර ඇත.

වැඩිදුරටත් වාර්තා වන ආකාරයට 2015 ජූනි 03 දින හා 2016 සැප්තැම්බර් 30 දින අතර කාලය තුළදී මහ බැංකු භාණ්ඩාගාර බැඳුම්කර පැමිණිලිකාර ආයතනවලට අලෙවි කර ඇති පර්පෙචුවල් ට්‍රෙසරිස් සමාගම එම ආයතනවලට පාඩු සිදුවන අන්දමින් නීති විරෝධීව, ප්‍රාථමික අලෙවිකරණ ආචාරධර්ම හා ප්‍රතිපත්තිවලට පටහැනිව කටයුතු කරමින් ව්‍යාපාර කටයුතුවල යෙදීම හා එම කාලය තුළ අයුතු ධනවත්වීමක් ලබාගෙන මහා පරිමාණ ලාභ ඉපැයීමට එරෙහිව මෙම නඩු පැවරීම සිදුව තිබේ.

භාණ්ඩාගාර බැඳුම්කර මිල දී ගැනීමේ දී අභ්‍යන්තර තොරතුරු භාවිතා කිරීම පැමිණිලිකාර රාජ්‍ය ආයතනවලට අවාසිදායක වන අයුරින් බැඳුම්කර විකිණීමේදී වෙළෙඳ‍ෙපාළ මිල ගණන් කෘත්‍රිම ලෙස වෙනස් කිරීම, වෙළෙඳ‍ෙපාළ තොරතුරු සාවද්‍ය ලෙස ප්‍රචාරය කිරීම ඇතුළු ප්‍රාථමික අලෙවිකරුවකුට නොගැළපෙන කටයුතු කරමින් මෙම අයුතු ධනවත්වීම ලබා ඇති බව එහි සඳහන්කර ඇත.

එසේම ශ්‍රී ලංකා මහ බැංකුව හරහා සේවක අර්ථසාධක අරමුදලට බැඳුම්කර අලෙවි කිරීම තුළින් රුපියල් 6989277943.63 ක අයුතු ධනවත්වීමක් ද, අ‍ලාභයක් ද ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ආයතනයට රුපියල් 1225009346.83 ක මුදලක් ද, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට රුපියල් 141739775.37 ක් ද, සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලයට රුපියල් 129674400 වශයෙන් රුපියල් 8485701465.8 අයුතු ධනවත්වීමක් හා තවත් රාජ්‍ය ආයතනයකට කළ පාඩුව හා අලාභය අයකැර ගැනීමට මෙම නඩු කටයුත්තේ අපේක්ෂාව වී තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න